Image

සැකකරුවන් හත් දෙනෙක් නිරීක්ෂණයට මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යයි

සැකකරුවන් හත් දෙනෙක් නිරීක්ෂණයට මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යයි

විවිධ අපරාධ ක්‍රියා සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරන පාතාල ක්‍රියාකාරී කෙසෙල්බද්දර පද්මෙ, නිලංග සම්පත් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් දෙනෙක් නිරීක්ෂණය කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රඳවා ප්‍රශ්න කරන සැකකරුවන් නිරීක්ෂණය කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ගෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා  පෙරවරු 11ට පමණ එහි ගියේ ය. එහි ගිය මහේස්ත්‍රාත්වරයා එක් එක් සැකකරුවන් වෙන වෙනම නිරීක්ෂණය කරමින් ඔවුන්ට අදාළ ප්‍රකාශ සටහන් කර ඇති අතර ඔවුන්ට නිසි වාතාශ්‍ර ලැබීම ඔවුන් ගේ ආහාරපාන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඇති ගැටලු සම්බන්ධයෙන් විස්තර විමසා අදාළ සටහන් නඩු ගොනුවල සටහන් යොදා ඇත.

පැය බාගයකට ආසන්න කාලයක් එහි නිරීක්ෂණ කටයුතු සිදු කළ මහේස්ත්‍රාත්වරයා දහවල් 12 පසුවී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න