Image

සාංචි මහබෝධි 75වන සංවත්සරයට ජනපතිට ආරාධනා කරයි

සාංචි මහබෝධි 75වන සංවත්සරයට ජනපතිට ආරාධනා කරයි

ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරයේ  75 වන සංවත්සරයට සහභාගි වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකට ආරාධනා කළ බව සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති  ජපානයේ ප්‍රධාන සංඝනායක  බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

ධර්මාශෝක රජු සමයේ ඉදිකළ පසුව නටඹුන් බවට පත් වූ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි ස්ථූප සංකීර්ණයෙන් බ්‍රිතාන්‍ය පාලන සමයේ පුරාවිද්‍යාඥයන් සොයා ගත් සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා තැන්පත් කර ඉදිකර ඇත.  වසර1952 ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු විවෘත කළ මෙම විහාරයට 2027 නොවැම්බර් මාසයේ දී වසර 75 පිරීම නිමිත්තෙන් පවත්වන සාංචි මහාබෝධි මහෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙස  ජනාධිපති අනුර කුමර දිසානායක හමු වී ඉකුත් දා  (22) ආරාධනා කළ බවත්, ජනාධිපතිවරයා එම ආරාධනය පිළිගත් බවත් බානගල නා හිමියෝ පවසති.

anurawi3773

එහි දී ජනාධිපතිතුමා සමග ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සහ ඉන්දියාවේ,ජපානයේ ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ යොෂීඩා සමාජ හා සංස්කෘතික පදනම ක්‍රියාත්මක කරන ළමා අධ්‍යාපන හා සමාජසේවා කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

මුම්බායි හි ප්‍රකට මාධ්‍යවේදී ශකීල් සිද්දික්  රචනා කළ බානගල උපතිස්ස නා හිමි චරිතාපදානය වන "අංජලිකරණීයෝ' ග්‍රන්ථයේ පිටපතක් බානගල නා හිමියෝ මේ අවස්ථාවේ  ජනාධිපතිතුමන්ට පිරිනමනු ලැබූහ.

WhatsApp Image 2026 07 23 at 3.39.09 PM

මෙම අවස්ථාවට සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල  විමලතිස්ස හිමියෝ, ලුණුගම්වෙහෙර විමලානන්ද හිමියෝ සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලේකම් චන්න කළුගම්පිටිය ද සහභාගි වූහ.

ජේ. මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න