Image

විදේශ අමාත්‍යවරයා පිලිපීනයේ පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයේ 33 වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහ මිත්‍රත්වය හා සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ 50 වැනි සංවත්සර සැමරුමට

විදේශ අමාත්‍යවරයා පිලිපීනයේ පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයේ 33 වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහ මිත්‍රත්වය හා සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ 50 වැනි සංවත්සර සැමරුමට

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, 2026 ජූලි 23 සිට 24වන දා දක්වා පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයයේ 33වන අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහ මිත්‍රත්වය හා සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ 50වන සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වීමට නියමිත ය.

අමාත්‍ය විජිත හේරත් මෙම අවස්ථා දෙකේ දී ම දේශන පැවැත්වීමට නියමිත ය.

මෙයට සමගාමීව, අමාත්‍යවරයා විසින් මෙම රැස්වීමවලට සහභාගී වන රටවල විදේශ අමාත්‍යවරුන් කිහිපදෙනකු, ආසියාන් මහලේකම්වරයා සහ යුරෝපා සංගමයේ හා ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

එමෙන්ම, පිලිපීනයේ විදේශ කටයුතු ලේකම්වරිය වන මා. තෙරේසා පී. ලසාරෝ සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද අමාත්‍යවරයා සැලසුම් කර ඇත.

මෙම සංචාරය අතරතුර, විදේශ අමාත්‍යවරයා ගේ සහභාගිත්වයෙන් මින්දනාඕ හි ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් කාර්යාලය නිල වශයෙන් විවෘත කිරීමට ද අපේක්ෂා කෙරේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න