Image

ජ්‍යෙෂ්ඨ පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට දුරකතනයෙන් බැණ තර්ජනය කළ පුද්ගලයාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ජ්‍යෙෂ්ඨ පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට දුරකතනයෙන් බැණ තර්ජනය කළ පුද්ගලයාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට දුරකතනයෙන් බැණ තර්ජනය කළ පුද්ගලයාට ලබන නොවැම්බර් මස 25 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 23 නියෝග කළේ ය.

කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ය.

සැකකාර පුද්ගලයා දුරකතනයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත තර්ජනය කර ඇති බව විමර්ශන අනාවරණය කළ බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේ ය.

විමර්ශන ආරම්භ කළේ මෙසේ බැණ තර්ජනය කළ දුරකථන ඇමතුමක් ලද බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය සතියේ කළ පැමිණිල්ලට අනුව ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න