රේගු ආඥා පනත උල්ලංඝනය කර භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන මහා ජාවාරමට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධ බවට කරුණු අනාවරණය වන හෙයින් එය තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය ඊයේ(23) පැවසී ය.
භාණ්ඩ ආනයනය කරන බවට අඟවමින් රුපියල් බිලියන 190ක අධික වටිනාකමින් යුත් ඩොලර් විදේශගත කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සමාගම් අතරින් සමාගම් 06ක් දැනට අනාවරණය වී ඇති බවත්, හවුස් ඔෆ් ෆැෂන් මෝල් නැමති සමාගමක් ඒ අතර වන බවත් පවසා සිටියා.
ඇමරිකානු ඩොලර් මිලියන 700කට අධික මුදලක් විදෙස් රටවලට යවා වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත ජෙෆ්‍රි මොහොමඩ් සැකකරු මෙම ජාවාරමේ පහසුකම් සලසන්නා ලෙස කටයුතු කර ඇති බව ද පැවසී ය. බන්ධනාගාර නිලධාරීන්, සැකකාර ජෙෆ්‍රි මොහොමඩ් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කරුණු දැක්වූ රහස් පොලිසිය සැකකරු ට ඇප ලබාදීමට තරයේ විරුද්ධ වන බවත් පැවසී ය. සැකකරු විසින් මීට සම්බන්ධ වූ සමාගම් හෙළි නොකරන බවත්, විමර්ශනවලට සහාය නොදක්වන බවත් පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ පවසා සිටියේ ය.
අවස්ථා 10,156 වතාවක් මුදල් පිටරට යවලා
''භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙරට ඩොලර් පිටරට පටවා මෙම වංචාව සිදු කර තිබෙනවා. සමාගම් 36 ක ගිණුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම වංචාව අනාවරණය කර ගෙන තිබෙනවා. අවස්ථා 10,156 වතාවක් මුදල් පිටරට යවා ඇති නමුත් , ඒ මුදල්වලින් ආනයනය කළ භාණ්ඩ පිළිබඳව රේගුවේ සටහනක් නෑ. ආනයනික භාණ්ඩවලට අඩු වටිනාකම් යොදා රජයට බදු අහිමි කිරීමේ ජාවාරමක් ද යන්න තවදුරටත් විමර්ශනය කරනවා. කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඒ. වයි. ඉන්වෙස්ට්මන්ට්" නැමැති ආයතනයේ අධ්‍යක්ෂකවරයා පවත්වාගෙන ගිය ඒ.
රුපියල් කෝටි ගණනක ඩොලර් නෝට්ටු
වයි. ඉන්වෙස්ට්මන්ට්" නැමැති ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි සැකකරු මෙම ජාවාරම සූක්ෂමව මෙහෙයවා තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී රුපියල් කෝටි ගණනක ඩොලර් නෝට්ටු තොගයක් ඔහු සතුව තිබී සොයාගත්තා. සැකකරු විසින් මෙම නීතිවිරෝධී මුදල්වලින් මිලදී ගන්නා ලද රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී මෝටර් රථයක් සහ රත්තරන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු හරහා ඩොලර් පිටරට යැවූ සහ මෙරටට බදු අහිමි කළ මහා පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් කොටුකර ගැනීම සඳහා මේ වන විටත් විශේෂ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සාක්ෂි සැඟවීමට උත්සාහ කරලා
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුවයිර් සහ නීතිඥ අසංක පෙරේරා කරුණු දක්වමින් නියමිත පරිදි භාණ්ඩ ආනයනය කර ඇති බවට කරුණු ඉදිරිපත් කරමින් සුදුසු ඇපයක් මට මුදා හරින ලෙස ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු විසින් විමර්ශනවලට සහාය දක්වා නොමැති බව පෙන්වා දුන්නා.
සාක්ෂි සැඟවීමට උත්සාහ කිරීම, අධිකරණය මගහැර සිටීම ඇතුළු කරුණු සලකා බැලීමේ දී මෙවන් විමර්ශනයකට සැකකරු ගෙන් ඉදිරියේ දී සහයක් බලාපොරොත්තු විය නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
