මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
යෝෂිතට අසනිපයි ලු
මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ කැඳවුවා. ඒ අවස්ථාවේ දී විත්රාතිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඒ අනුව නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවන ලෙස නියෝග කළා.
නාවික හමුදා නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන්ට අවවාද
එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි නාවික හමුදා නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා අවවාද කළා.
දෙහිවල සහ රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 730කට අධික ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබෙනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
