තිස්ස -මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට නගරයේ ඊයේ (25) පස්වරු 7.15ට පමණ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි දෙකේ ගමන් ගත් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇත.
මෙසේ අනතුරට ලක්වී ඇත්තේ අම්බලන්තොට සිට හම්බන්තොට දෙසට ධාවනය වූ යතුරු පැදියක් සහ හම්බන්තොට දෙස සිට තංගල්ල දෙසට ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් බව අම්බලන්තොට පොලිසිය පවසයි.
තුවාල කරුවන් ගෙන් දෙදෙනෙකු අම්බලන්තොට වාදුරුප්ප ප්‍රදේශයේ හා අනෙක් දෙදෙනා තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. අනතුර සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.
Journalist - Rahul Samantha Hettiarachchi
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
