ඉකුත් මැයි 02 වැනිදා තායිලන්තයේ සිට ගුවන් මගින මෙරටට කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන ඒමෙ දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ භික්ෂුන් වහන්සේලා සිව්දෙනකුට මීගමුව මහාධිකරණය ඇප නියම කළ අතර ඇප ලබා පිටව යෑමට මත්තෙන් නිකපොත සුමන රක්ඛිත හිමි බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන්නේ ය.
නිකපොත සුමනරක්ඛිත හිමි ගේ සාක්ෂිය...
මාව රඳවලා හිටියේ සෙල් වාට්ටුවේ. 5 වැනිදා කෑම දෙන වෙලේ එළියෙන් ලොකු සද්දයක් ඇහුණා. කෑම දෙද්දි අපේ වාට්ටුව අරින්නේ නැහැ. ඒ වෙලාවේ එළියේ දොර කඩාගෙන 15ක් විතර ලේන්සුවෙන් මූණ බැඳන් ආවා. ඒ අයගේ අතේ පොලු තිබ්බා. අපිට ඇතුළෙ ඉන්න එපා කියලා පන්සලට යන්න කිව්වා. පන්සල වහල නිසා පන්සල් වාට්ටුවෙ ඉඳලා ආයි අපේ වාට්ටුවට ගියා. එතකොට අපේ වාට්ටුවේ දොරවල්වල ලොක් ඔක්කොම කඩලා, බඩු ඇදලා තිබුණේ. වාට්ටුවේ හැමතැනම වගේ බෙහෙත් තැන් තැන්වල වැටිලා තිබුණා. පහුවදා උදේ කෝලහාලයක් තිබුණෙ නැහැ. හැබැයි අනිත් වාට්ටුවල අය අපේ වාට්ටුවලට ඇවිල්ලා හිටියා. වෙනදට අපිට කෑම ඇතුළට ගෙනත් දෙනවා. එදා එළියෙන් ගන්න කිව්වා. කෑම බෙදුවේ රැදවියො ම යි. නිලධාරින් හිටියේ නැහැ. ඊටපස්සේ පැය එකහමාරකින් වගේ වෙඩි හඩක් ඇහුණා. කලින් දවසේ වගේ කෝලහාල සද්ද ඇහුණා. ඒ එක්කම වගේ එලියේ ගේට්ටුව කඩාගෙන කට්ටියක් ආවා. ඒ ගේට්ටුවට මාංචු දාලා තිබ්බේ ඉබ්බා කඩලා නිසා වෙන්නැති. ඇවිත් කිව්වා එළියේ අපේ එවුන්ට ගහනවා කවුරුත් ඇතුළෙ ඉන්නෙපා එළියට බැහැපන් කියලා. අපි ගේට්ටුව ගාව හිටියා එතනට ඔක්කොම පේනවා. විනාඩි 10 15ක් යද්දි ආයි වෙඩි හඩ ඇහුණා. ඒත් එක්කම විශාල පිරිසක් දුවගෙන එනවා දැක්කා. ආයි අපි වාට්ටුවට ආවා. ඒත් එක්කම stf නිලධාරීන් ඇවිත් එලියට බහින්න එපා ආවොත් වෙඩි තියනවා කිව්වා. ඒත් එක්කම කකුලට වෙඩි වැදිච්ච දෙන්නෙක් අපේ වාට්ටුවට ගෙනත් දැම්මා. පැයකට විතර පස්සේ එයාලව අරන් ගියා. දවල් අපිව පෝලිම් ගහලා රොකී කියන්නේ කවුද අහලා අපේ වාට්ටුවේ හිටපු රොකීව එලියට ගත්තා. ඊටපස්සේ නැවත ගේට්ටුව ඇරියේ නැහැ. එපමණයි ස්වාමීනි.
ඉන් අනතුරුව මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ බන්ධනාගාරගතව සිටි රැදවියකු වන නුවන් චතුරංග සාක්ෂි ලබා දුන්නේය.
නුවන් චතුරංග ගේ සාක්ෂිය
07/05 වැනිදා අපි හිටියේ දෙකේ වාට්ටුවේ. දවල් ආහාර ගනිමින් හිටියේ. එතකොට පුද්ගලයන් 20ක් 30ක් වගේ දොරට ගහල දොර කඩන් ඇතුළට ආවා. එතන ඇතුළෙ හිටපු මිහිදු කියලා කෙනෙක්ට පහර දුන්නා. එයා එතනින් දිව්වා. ඊට විනාඩි 15කට විතර පස්සේ ආයි පිරිසක් ඇවිල්ලා කූරා කියලා තව කෙනෙක්ට ගැහුවා. අපේ ආරක්ෂාවට අපි එළියට දිව්වා. එතන පිටිපස්සේ ඉඳලා එක එක්කෙනාට ගහගෙන එනවා දැක්කා. කවුද දැක්කේ නැහැ. හවස ආපහු වාට්ටුවට යන්න කිව්වා. එතකොට රෑ වෙලා තිබුණේ. ඒ වෙද්දි රෝහල කඩලා. කට්ටිය පෙති අරගෙන විසික් කර කර ගියා. ඉල්ලන අයට දුන්නා. කට්ටිය කියන්නේ රැදවියන්ම තමයි. පෙති බීලා කට්ටිය එක එක විදියට හිටියේ. ඇස් ඇද වෙලා. දිවවල් එලියට ඇවිල්ලා. මං නිදාගත්තේ පන්සලේ. උදේ ආයි 2 වාට්ටුවට ආවා. 9ට වගේ පහළින් ඝෝෂාවක් ආවා කට්ටියක් උඩට දුවගෙන එනවා. එයාලා වාට්ටුවට ඇවිල්ලා එළියට බහින්න කිව්වා. සමහරු බැස්සා සමහරු හිටියා. ආයි ටික වෙලාවකින් උඩ ඉඳන් කට්ටියක් පහළට දුවගෙන ආවා. ඒ අතරතුර කට්ටිය කිව්වා වෙඩි තියනවා වෙඩි හඩවල් තමයි ඇහෙන්නේ කියලා. ඊටපස්සේ කට්ටියට ඔළුවට අත තියන් බිත්තිය පැත්තට ඇල වෙලා ඉන්න කිව්වා. හවස 3.30 විතර බන්ධනාගාර මහත්තුරු ඇවිත් කිව්වා අපිව එළියට ගෙනියනවා කියලා. ඊට පස්සේ බස් එකට නැගලා අපිව එක්කන් ගියා අනුරාධපුර බන්ධනාගාරෙට. මීගමුව බන්ධනාගාරය සම්පූර්ණම විනාශ වෙලා තිබ්බේ. ගොඩක් තැන්වල ලේ පැල්ලම් තිබ්බා. මල් පෝච්චි වැටවල් කැඩිලා තිබ්බේ. කාමරවල වීදුරු බිදලා තිබ්බේ. ප්‍රධාන දොරයි ලී දොරයි අතර කාමරවල වීදුරු බිදලා තිබ්බේ. එපමණයි ස්වාමීනි.
ඉන් අනතුරුව තවත් සාක්ෂිකරුවන් සිව්දෙනෙකු සාක්ෂි ලබා දුන්හ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
