ශ්‍රී ලංකාව සමඟ එක්සත් ජනපදයේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වන පොදු ප්‍රමුඛතා ඉදිරියට ගෙන යෑමේ අරමුණින්, එක්සත් ජනපද කොන්ග්‍රස් සභිකා ක්‍රිසී හූලහෑන් ගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් නියෝජිත පිරිසක් ජූලි 27 සිට 30 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙති.
එක්සත් ජනපද කොන්ග්‍රස් සභික ක්‍රිසී හූලහෑන්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී වැඩ බලන තානාපති විලියම් ජෝසෆ් චයිල්ඩර්ස් සමඟ.
හූලහෑන් එක්සත් ජනපද ගුවන් හමුදාවේ හිටපු නිලධාරිනියකි. ඇය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටුවේ (House Armed Services Committee) සාමාජිකාවක් වන අතර, එහි හමුදා කාර්ය මණ්ඩල උපකමිටුවේ (Subcommittee on Military Personnel) ප්‍රධාන සාමාජිකාව ලෙස ද කටයුතු කරයි.
එමෙන්ම, ඇය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ස්ථිර බුද්ධි අංශ තේරීම් කමිටුවේ (House Permanent Select Committee on Intelligence) සාමාජිකාවක් ද වන්නී ය. ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළව පුළුල් පරාසයක කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා, නියෝජිත පිරිස නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු රජයේ, හමුදා සහ ප්‍රාදේශීය නායකයන් සමඟ ඉහළ මට්ටමේ හමුවීම් කොළඹදී පැවැත්වීමට නියමිත ය.
හූලහෑන් ගේ සංචාරය, ජාත්‍යන්තර අපරාධ මැඩපැවැත්වීම, වාණිජ සබඳතා හා ආර්ථික සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම කලාපීය ස්ථාවරත්වය හා ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු පොදු ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාව සමග ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගෙන යෑම සඳහා එක්සත් ජනපදය දක්වන කැපවීම පිළිබිඹු කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
