හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් රජයේ මුදල් රුපියල් කෝටි 22ක මූල්‍ය අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සුගීෂ්වර බණ්ඩාර මහතා ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) ප්‍රතික්ෂේප කළේ ය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ ජූලි 22 කළ ඇප ඉල්ලීම අදාළව ඇප නියෝගය සිදු කරමිනි. සැකකරු ලබන අගෝස්තු මස 12දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේ ය.
අසාමාන්‍ය කරුණු කිසිවක් ඉදිරිපත් කර නැති බවට පවසමින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙසත් විමර්ශන ප්‍රගතිය ඉදිරි දින දක්වන ලෙස පොලීසියට නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
