මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පස්වන සැකකරු ලෙස පල්ලේගමගේ දිනුක ලක්මාල් හෙවත් ලැම්බා නැමති සිද්ධිය වන අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියකු නම් කරනු ලැබීය.
එහි දී එම සැකකරු අද (31) දිනය තුළ ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද නියෝග කළා ය.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජූලි 5 සහ 6 දිනවල හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබුහ. මීට අදාළ නඩුකරය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (31) කැඳවී ය.
එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු පෙර දිනයේ නම් කළ බවත් අද දින පස්වක සැකකරු හඳුනා ගෙන ඇති බැවින් ඔහු නම් කිරීමට අවසර ඉල්ලා සිටියා. ඒ අනුව සිද්ධිය වන අවස්ථාවේ බන්ධනාගාරය තුල රැඳී සිටි සිර අංක 3163 අංක දරණ පල්ලේගමගේ දිනුක ලක්මාල් හෙවත් ලැම්බා නැමති රැඳවියකු සැකකරු ලෙස නම් කළේ ය.
වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරික්ෂක මධුරංග මහතා මෙසේ සඳහන් කළේ ය.
''ස්වාමීනි...,
මෙම සැකකාර රැඳවියා හඳුනා ගැනීමට බන්ධනාගාරයේ සිටි රැඳවියන්ට හැකියාව තිබෙනවා. එම සැකකාර රැඳවියන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
එම සැකකාර රැඳවියා ඇප ලබාගෙන යෑමේ හැකියාවක් පවතින බැවින් සහ එසේ ඇප ලබා පිටව ගියහොත් යළි අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බවබ අනාවරණය වී තිබෙනවා. එබැවින් සැකකරු මේ වන විට බුස්ස බන්ධනාගාරයෙන් ගෙනත් පල්ලන්සේන බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා."
ඒ අනුව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාරය වෙත බන්ධනාගාර අඥාවක් නිකුත් කරමින් නියෝග කළේ අද දිනය තුළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
"ස්වාමිනි.. සිද්ධිය සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තියෙනවා. ඒ අනුව අද දින විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුවීම වූ දින රැගෙන ආ ගිනි අවි 301ක්, පතුරම් 1800ක්, උණ්ඩ වැලක්, මැගසින් 09 නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනවා. ඒ වගේම ස්වාමිනි.. පොලිසිය සිද්ධිය වු අවස්ථාවේ ගත් ඡායාරූප අඩංගු DVD තැටි 32ක් අඩංගු ලිපිකවර 10 ක් ඉදිරිපත් කරනවා."
එහිදී මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ ඒකී ඡායාරූප අඩංගු DVD තැටි අධිකරණ සේප්පුවේ තැන්පත් කරන ලෙස යි.
''ස්වාමිනි.., මරණකරුවන් 25 දෙනෙකු ඒ අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනවා. බන්ධනාගාර රෝහලේ සිදුවු අලාභය සම්බන්ධයෙන් තක්සෙරුවක් ලබා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
ස්වාමිනි..., බන්ධනාගාර නිලධාරීන් 260 දෙනෙකු, රැඳවියන් 1030 දෙනෙකු, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 293 දෙනෙකු, පොලිස් නිලධාරීන් 11 දෙනෙකු සහ සිවිල් වැසියන් 70 දෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 1,608 දෙනෙකු ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.''
එහි දි එම නිලධාරීන් සඳහන් කළේ දැනට ඉදිරිපත් කර ඇති සැකකරුවන් සම්බන්ධයෙන් සහ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගන්නා සියලු ම සැකකරුවන්ට මිනි මැරුම් චෝදනා යටතේ, ගිනි අවි අඥා පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවයි. දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317, 344 සහ ඉහත පනත් යටතේ වැරදි සිදුව ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.
අනතුරුව අදාළ සැකකරුවන් අද දිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා නඩුකරය පස්වරු 5ට යළි කැඳවූවා ය.
එහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවට ලබන අගෝස්තු 7 වැනිදා ඉදිරිපත් කිරීමට නියෝග කර, අනතුරුව අදාළ සැකකරු එදින දක්වා ( අගෝස්තු මස 7වන දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා ය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 01 සහකාර පොලිස් අධිකාරි චන්දන කළුආරච්චි මහතා ගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරික්ෂක දුලිත මධුරංග සහ අනිල් අසේල (87113) යන නිලධාරීන් වැඩිදුර වාර්තාව ඉදිරිපත් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
