Image

“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා - විමල් වීරවංශ

“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ තැබූ "දූෂණය නැති කර රටේ ආර්ථිකය ගොඩනගනවා" යන ප්‍රධාන ආඛ්‍යානය (Narrative) සම්පූර්ණයෙ න්ම අතහැර දමා, මේ වන විට "අපරාධ රාජ්‍යය නැති කිරීම" නමැති ව්‍යාජ ආඛ්‍යානයක් සමාජගත කරමින් සිටින්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

ආණ්ඩුව බලයට පත්වීමට පෙර විදේශවල ඇති මුදල් නැවත ගෙනවිත් දූෂණය නතර කරන බවට දුන් පොරොන්දු දැන් පසෙකට කර ඇති බවත්, ඒ වෙනුවට 'අපරාධ රාජ්‍යය නැති කිරීම' නමැති මාතෘකාව ඉස්මතු කරමින් යුද්ධයට තීරණාත්මක ලෙස දායක වූ: හමුදා, නාවික සහ බුද්ධි අංශ ප්‍රධානීන් මෙන්ම හිටපු පොලිස්පතිවරුන් දඩයම් කිරීමේ ක්‍රියාවලියක නිරත වන බව විමල් වීරවංශ මෙම අවස්ථාවේ දී වැඩි දුරටත් පැවසී ය.

මතු පළ වන්නේ විමල් වීරවංශ කළ සම්පූර්ණ අදහස් දැක්වීම අන්තර්ගත වියමන යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න