සත්ව සුභ සාධන පනත යටතේ සත්ව සුභසාධන සැලසීම කෙසේ වෙතත්, මනුෂ්‍ය සුභසාධනය ද බරපතළ තත්ත්වයකට පත්වී ඇති බව හිටපු අමාත්‍ය වජිර අබේ වර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ රජය විසින් හඳුන්වා දීමට කටයුතු කරනු ලබන සත්ව සුභ සාධන පනත පිළිබඳව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයෙහි පැවති මාධ්‍ය හමුවේ දී ය.
මෙම පනත මගින් විශේෂයෙන්: ගෘහස්ථ අලි, එමෙන්ම හීලෑ කරන ලද අලි අපේ ඉතිහාසය අනුව, අපේ සංස්කෘතිය අනුව, අපේ බෞද්ධ දර්ශනය අනුවත් මෙම අණ පනත්වලින් ඈත අතීතයට ගමන් කරන බවත්, සත්වයන්ට ද මෛත්‍රිය, කරුණාව, දයාව දැක්විය යුතු බව බුදුන් වහන්සේ විසින් අවුරුදු 2500කට ඉහත දී දේශනා කර ඇති බව ද ඔහු පැවසී ය.
මෙම මාධ්‍ය හමුවේ දී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය අමාත්‍ය වජිර අබේවර්ධන සහ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම ද අදහස් දැක්වූහ.
මතු පළවන්නේ මෙම මාධ්‍ය හමුවේ දී එම දෙපළ දැක්වූ සම්පූර්ණ අදහස් අන්තර්ගත වියමන යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
