හිටපු දකුණු පළාත් සභා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සහ හිටපු සභා නායක විතානච්චි දොන් චම්ලි පද්මලාල් යන අය දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දකුණු පළාත් ප්‍රධාන ලේකම් චක්‍රලේඛ (මුදල්) 3/2016 හි සඳහන් ප්‍රසම්පාදන බලතල සීමාවට පටහැනිව දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් 2019 වර්ෂයේ මන්ත්‍රී ප්‍රතිපාදන මගින් ඇඳි රහිත ප්ලාස්ටික් පුටු පුද්ගලික සමාගමක් වෙතින් රුපියල් මිලියන 16.5 ක මිල දී ගනිමින් දකුණු පළාතේ, පළාත් සභා මන්ත්‍රීවරුන් ගේ නිවාස කාර්යාල වෙත ගොස් භාර දීමට කටයුතු කරන අවස්ථාවේ දී, ගාල්ල දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී විතානච්චි දොන් චම්ලි පද්මලාල් යන අය වෙත නිකුත් කර තිබූ පුටු 305ක් එම අය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
2019.04.10 දින දකුණු පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු නැවත පුටු මිල දී ගෙන ලබා දෙන ලෙසට (එම අයට හිමි මන්ත්‍රී ප්‍රතිපාදන රු.ලක්ෂ 03 අත්තිකාරම් පියවීමට කටයුතු කර තිබිය දී) එම අය විසින් කර තිබූ ඉල්ලීම පරිදි ආණ්ඩුකාරවරයා ගේ ද අනුමැතියකින් තොරව, නැවත ප්‍රසම්පාදන කටයුතු සිදු කර, ගාල්ල වෙනත් පුද්ගලික ආයතනයකින් ඇඳි රහිත ප්ලාස්ටික් පුටු 408ක් මිල දී ගනිමින් එම අය ගේ නිවස වෙත ප්‍රවාහනය කරවා භාර දීමට සැලැස්වීම මගින් රජයට පාඩුවක් සිදු කිරීම යන දූෂණ චෝදනා මත හිටපු දකුණු පළාත් සහා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සහ හිටපු සභානායක විතානච්චි දොන් චම්ලි පද්මලාල් යන අය 2026.08.04 දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොමිසම වෙත ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට ඇප ලබා දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
