Image

රන් ආලේපිත හනුමන්තා පිළිමයක් විකිණීමට තැත් කළ දෙදෙනා 19 තෙක් රිමාන්ඩ්

රන් ආලේපිත හනුමන්තා පිළිමයක් විකිණීමට තැත් කළ දෙදෙනා 19 තෙක් රිමාන්ඩ්

රුපියල් කෝටි 2500ක් පමණ වටිනා බවට සැලකෙන ජාඇල මෙල්වත්ත ප්‍රදේශයේ වළදමා ඇති බවට සැක කෙරෙන පෞරාණික රන් ආලේපිත හනුමන්තා පිළිමයක් විකිණීමට තැත් කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 19 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (5) නියෝග කළේ ය.

එසේම එම පිළිමය වළ දමා ඇති බව කියන ජාඇල මෙල්වත්ත ප්‍රදේශයේ අධිකරණ නියෝග ප්‍රකාරව ස්ථානීය පරීක්ෂාවක් සිදු කළ බවත්, ඒ සදහා ගොඩ ගන්නා අවස්ථාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරීන් පැමිණි බවත් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.

එම ස්ථානයේ යම් කිසි දෙයක් ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි කී පොලිසිය එහි කැණීම් සිදු කිරීම භූ විද්‍යා හා පතල් කාර්යාංශය සමග එක්ව සිදු කරන බව අධිකරණයට දැනුම් දුන්නේ ය.

මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ගේ නම භාවිත කරමින් පෞද්ගලික නාලිකාවක විකාශය වූ හඬ පටයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා පොලිස්පතිතුමාට සිදු කළ පැමිණිල්ල ප්‍රකාරව පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද දැනුම් දීමකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

මෙම හනුමන්තා පිළිමය එල්.ටී.ටී. යුද සමයේ යාපන ප්‍රදේශයේ තිබී ඇති බවත්, යගදාව සහිත හනුමන්තා පිළිමය ජාඇල මෙල්වත් ප්‍රදේශයේ වළදමා ඇති බවටත් සංසරණය වූ හඬ පටය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කළ ඇති බවත්, අධිකරණ දන්වා සිටි පොලිසිය මේ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඇති බවත් අධිකරණයට දන්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න