මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් ලබාගැනීමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනයට අදාළව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තාක්ෂණික කමිටුව රැස් වී දත්ත පිටපත් කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
අධිකරණය නියෝග ප්‍රකාරව මෙම දත්ත පිටපත් කරන බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දත්ත පිටපත් කළ පසු ලබාගෙන විශ්ලේෂණය කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට දින ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉල්ලා සිටියේ ය.
අදාළ සිද්ධිය ට සම්බන්ධ මහා භාණ්ඩාගාරය සර්වරයේ තිබූ ටෙරා බයිට් 12 දත්ත විශ්ලේෂණය කරමින් පවතින අතර මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 91 දෙනෙකු ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සහ මහ බැංකුව යන ආයතනවල නිලධාරීන් ගෙනි.
මහා භාණ්ඩාගාරය හරහා ණය වාරිකයක් ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් රජයේ මුදල් බැහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
