ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බඳ සහිත නව ගුවන් යානා ඇණියක් ප්‍රතිශ්ඨාපනය කිරීමේ දී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක පමණ සිදුව ඇති ඳූෂණ වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වෙනුවෙන් තැබූ ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු අවසන් වශයෙන් ලබන සැප්තැම්බර් මස 05 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඇපකරුවන් ට නියම කළේ ය.
මෙම නඩුවේ දෙවන සැකකාරිය වන ප්‍රියන්කා නියොමාලි නමැති කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වෙනුවෙන් අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ තැබූ ඇපය රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙසට කරුණු දැක්වීමට නඩුව අධිකරණය හමුවේ කැඳවිණි. රුපියල් මිලියන 20 බැගින් වූ ශරිර ඇප දෙකක් දෙවන සැකකාරිය වෙනුවෙන් ඔවුන් දෙදෙනා අධිකරණය හමුවේ ඇප තැන්පත් කර ඇත.
කපිල චන්ද්‍රසේන යන සැකකරු ගේ බිරිඳට විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති අතර එය ජාත්‍යන්තර පොලීසිය වෙත යොමු කර ඇත. මෙම නඩුවේ තෙවන සැකකරු ලෙස හිටපු කතානායක චමල් රාජපක්ෂ ගේ පුත් සමීන්ද්‍ර රාජපක්ෂ යන අයට ද ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ඇත.
2018-08-03 රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ ජේ සී වැලිඅමුණ වාර්තාවට අනුව සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පති වරයා ගෙන් සිදු කළ ඉල්ලීමට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
