Image

පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සේවා නැවතත් බරපතළ බිඳවැටීමක්

පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සේවා නැවතත් බරපතළ බිඳවැටීමක්

මඩකළපුව ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සිදුකරන ලියනියර් ඇක්සලරේට යන්ත්‍රය අගෝස්තු 03වන දා සිට බිඳවැටී ඇති අතර මේ හේතුවෙන් දිනකට පිළිකා රෝගීන් 60කට ආසන්න ප්‍රමාණයක විකිරණ ප්‍රතිකාර සිදුකිරීම නවතා දමා ඇත.

පුද්ගලික රෝහල්වලින් ලබාගන්නේ නම් ලක්ෂ 5ත් 20ත් අතර මුදලක්

මඩකළපුව ශික්ෂණ රෝහල වෙත මෙසේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන්: කොළඹ, ගාල්ල, මහනුවර, බදුල්ල ,මාතර, මොනරාගල ආදී ප්‍රදේශවලින් යොමුුවී ඇති අතර එම රෝගීන් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව ඇත. පිළිකා රෝගියකු ගේ විකිරණ ප්‍රතිකාරය දින 5 සිට 35 දක්වා සිදුකළ යුතු අතර අතරමගදී ප්‍රතිකාරය බිඳවැටීම බරපතළ තත්ත්වයකි. පුද්ගලික රෝහල්වලින් මෙම ප්‍රතිකාරය ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 5ත් 20ත් අතර මුදලක් වැය කිරීමට සිදුවෙයි.

යන්ත්‍රය පිහිටි ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතියේ බිඳවැටීමක්

මීට අමතරව පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවේ මරමස්ථානය වන මහරගම අපේක්ෂා රෝහලේ තිබෙන ලීණියර් ඇක්සලරේට යන්ත්‍ර‍ර හතරෙන් එකක් ජුලි 30 වැනිදා සිට ප්‍රතිකාර කටයුතු වූ නවතාදමා ඇත. එම ප්‍රතිකාර නවතා දැමූ යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 75 ට වැඩි ප්‍රමාණයකගේ ප්‍රතිකාර සිදුකළ අතර මේ වන විට එම රෝගීන් ගේ ප්‍රතිකාරය සම්පූර්ණයෙන් ම අඩාළ වී තිබේ. මෙලෙස ප්‍රතිකාර නවතා දැමීමට හේතු වී ඇත්තේ එම යන්ත්‍රය පිහිටි ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතියේ බිඳවැටීමයි. මේ හේතුවෙන් එම ගොඩනැගිල්ලේම පිහිටා තිබෙන ගැබ්ගෙල පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර සිදුකරන බ්‍රැකීතෙරපි - Brachytherapy යන්ත්‍ර ද තර්ජනයට ලක් වී තිබේ. මේ හේතුවෙන් සෙනසුරාදා දිනයේ සිට බ්‍රැකිතෙරපි යන්ත්‍රයේ ද ප්‍රතිකාර කටයුතු වූ නවතා දැමීමට සිදුවී තිබේ.

මේ අනුව අපේක්‍ෂා රෝහලේ දැනට ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන්නේ ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර තුනක් පමණක් වන අතර එම යන්ත්‍ර තුන සඳහා ද අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා අවශ්‍ය වන ජෙනරේටරයක් ලබා නොදීම මගින් හදිසි විදුලිය බිඳවැටීමක දී අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇත.

මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කඩිනමින් අවධානය යොමු කළ යුතු බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවස්ථා ගණනාවක දී ම හෙළිදරව් කිරීම් සිදුකළත් මේ වනතුරුත් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට හෝ අවස්ථාවක් ලබා දී නොමැති බව පෙන්වා දෙයි. සෞඛ්‍ය ඇමතිවරයා ගේ කඩිනම් අවධානය සහ මැදිහත්වීම මේ සම්බන්ධයෙන් ලබා දෙන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඉල්ලා සිටී.

චානක ධර්මවික්‍රම - සභාපති, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න