දිනන දකුණ සාමූහිකය, Free Lawyers සංවිධානය, ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය, ඇතුළු බහුජන සංවිධාන මෙන්ම, වෘත්තීය සමිති රැසක් 'නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය' ලෙස අද දින මල්වතු පාර්ශ්වයේ මහනායක මහා නාහිමියන් මුණ ගැසිණ.
ත්‍රෛනිකායික මහනායක මාහිමිපාණන් වහන්සේලා, උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ මෙහිදී පැවසූහ.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ද මෙහි දී සිදු විය.
නීතිඥ ශිරාල් ලක්තිලක, ජනාධිපති නීතිඥමෛත්‍රී ගුණරත්න, රවී කුමුදේශ් ඇතුළු පිරිසක් මේ සඳහා සම්බන්ධ වූහ.
දිනන දකුණ සාමූහිකය, Free Lawyers සංවිධානය, ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය, ඇතුලු බහුජන සංවිධාන මෙන්ම, වෘත්තීය සමිති රැසක් නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය සමග එක්වී ඇත.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
