පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පනවා ඇති උපරිම සිල්ලර මිල ගණන් උල්ලංඝනය කරමින් වැඩි මිලට සහල් අලෙවි කළ වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ තොග සහ සිල්ලර වෙළෙඳසැල් දෙකකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මොණරාගල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
දේශීය කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක පාලන මිල රු. 260ක් ලෙස නියම කර තිබිය දී, පරණ ඇල්ල පාර, වැල්ලවාය පිහිටි සෞභාග්‍යා වෙළඳසැල කිලෝ 05ක ඇසුරුමක් කිලෝව රු. 350/- බැගින්, එනම් රු.450ක ලාභයක් ලබමින් තොග වශයෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. 2026.08.07 වන දින වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයේ දී අදාළ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුට රුපියල් 150,000/- ක (ලක්ෂ එකහමාරක) දඩයක් නියම කළේ ය.
එමෙන්ම, ආනයනික පොන්නි සම්බා GR 11 සහල් කිලෝග්‍රෑමයක පාලන මිල රු. 240/- ක් ලෙස නියම කර තිබියදී, යාලබෝව, වැල්ලවාය පිහිටි DMA සහෝදරයෝ (දවස පොළ කඩේ) ආයතනය කිලෝව රු. 260 බැගින් වැඩි මිලට සිල්ලරට අලෙවි කිරීම සම්බන්ධයෙන් නඩු පැවරී ය. 2026.08.07 වන දින අධිකරණයේ දී අදාළ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුට ද රුපියල් 150,000/- ක (ලක්ෂ එකහමාරක) දඩයක් නියම කළේ ය.
පාලන මිල ඉක්මවා සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
