රංගිරි දඹුලූ රජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර ශාස්ත්‍රපතී දඩුබැදීරුප්පේ මහින්ද නාහිමියන් බැහැ දැකීම සඳහා අද (10) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් පැමිණියහ.
තම පක්ෂය පිළිබඳව රජයේ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඔහු මෙහි පැමිණියේ ය. ඔහු ගෙනයන ක්‍රියාමාර්ගවලට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව නාහිමියෝ මෙහි දී නාමල් රාජපක්ෂට පැවසූහ.
මාධ්‍ය ඇමතූ නාමල් රාජපක්ෂ විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමාජ මාධ්‍ය හරහා ජනතාව පීඩනයට පත් කිරීම රජය ගෙනයන වැඩපිළිවෙළ පක්ෂයේ මහ ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම පමණක් නොව වර්තමාන පොලිස්පතිවරයා ගේ ක්‍රියා කලාපය පිළිබඳව දැඩිව ප්‍රකාශ කළේ ය.
මහා නා හිමිවරුන් ජනාධිපතිවරයාට ලබා දුන් ලිපියක් තමන්ගෙන් නොවිමසන ලෙසත්, තමන් ජනාධිපති නොවන බවත්, එය ජනාධිපතිගෙන් විමසන්නැයි ද හෙතෙම පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
