Image

බාල ගල් අඟුරු ගෙන්වීම නිසා සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 8536ක් - එස්. එම්. මරික්කාර් හෙළි කරයි

බාල ගල් අඟුරු ගෙන්වීම නිසා සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 8536ක් - එස්. එම්. මරික්කාර් හෙළි කරයි

බාල ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් ජනවාරි මාසයේ පළවෙනි දින සිට ජූනි මාසයේ 30වන දින දක්වා පාඩුව රුපියල් මිලියන 8536ක් බව මහජන උපයෝගිතා කොමිසම දන්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (10) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්.එම්. මරික්කාර්…

ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා ගෙනාපු නැව් 19ම බාල ගල් අඟුරු

''විශේෂයෙන්ම වර්තමාන රජය බලයට පත් වුනයින් පස්සේ පහුගිය සැප්තැම්බර් මාසේ ලංකාවට ගල් අඟුරු ගෙන ඒම සඳහා දමනු ලැබූ ටෙන්ඩරය හරහා විශේෂයෙන්ම බාල ගල් අගුරු එනවා කියලා අපි රටට හෙළිදරව් කරා, ඒකෙන් රටට විශාල පාඩුවක් වෙන බව අපි රටට හෙළිදරව් කරා.

එතකොට සමහර අය කිව්වා මේ කියන්නේ බොරු කියලා. නමුත් යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳව ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපතිවරයා හැටියට මම මේ පිළිබඳව පාර්ලිමේන්තු අපේ කමිටු රැස්වීමේදී එන්න කලින්ම මේ වගේ එකකට අනතුර ඇඟවීම් කරා.

ඊට පස්සේ නැව් එනකොට ඒ බාල ගල් අඟුරුවල ප්‍රමිතිය පරීක්ෂා කරනකොට ගොඩක් අය කිව්වා මේ ලක්විජය බලාගාරයට accreditation නෑ. ඒක හින්ද ඒක පිළිගන්න බැහැ කියලා. ඉන්දියාවේ කොටෙක්නා සමාගමෙන් දෙන එක තමයි හරි කියලා. අවසානේදී අපි කමිටුව විදිහට දිගින් දිගටම මේ බාල ගල් අඟුරු පැමිණෙන නිසා අමාත්‍යංශයට උපදෙස් දුන්නා තුන්වෙනි පාර්ශ්වයක් හරහා මේක චෙක් කරන්න කියලා. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ Bureau Veritas International Trade Australia Pvt Ltd කියන මෙන්න මේ සමාගමෙන් ගල් අඟුරු නැව් 19ම, මේ ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා ගෙනාපු නැව් 19ම බාල ගල් අඟුරු වගට ඔවුන්ට පිළිගන්නට සිද්ධ වුණා.

විශේෂයෙන්ම අපි කියන්න ඕන සමහර නැව්වල මේ බාල ගල් අඟුරු කිලෝ කැලරි 5900 තියෙන්න ඕනේ එක 4400 කියන අගය දක්වා අඩු වෙලා තියෙනවත් අපි දැක්කා.විශේෂයෙන්ම අපි කියන්න ඕන මේ ගල් අඟුරු නැව් 19ම ෆේල්, ඒ වගේම මේ ගල් අඟුරු නැව් 19ම ප්ර්මාද වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රමාද ගාස්තු අය කරගන්න හදන ගණනය කිරීම නිවැරදි ද කියලා අපිට සැකයක් තියෙනවා.

දඩ අය කරගන්නා ක්‍රමවේදය නිවැරැදි ද…?

ඒ වගේම තමයි මේ බාල ගල් අගුරු ගෙන්වීම නිසා ගහලා තියෙන දඩය ප්‍රමාණවත් ද කියන සැකයකුත් තියෙනවා . මොකද හේතුව දැන් 5900ට ඉහළට ඕන කියලා තමයි අපි ටෙන්ඩර් එක දාලා තියෙන්නේ. හැබැයි 5300, 5200, 4400 වගේ එනකොට මේ ගණනය කිරීම නිවැරදිව, මොකද 5300 ගහන දඩේ 4400ට ගහන්න බැහැ. එතකොට මේ දඩ ගහන ක්‍රමවේදයත් හරිද කියලා අපිට හොයන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි කමිටුවෙන් විදුලිබල අමාත්‍යංශ අතිරේක ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිසමත් ඒකාබද්ද කරලා කමිටුවක් දාලා තියෙනවා සම්පූර්ණ පාඩුව හොයන්න. ඒ වගේම මහජන උපයෝගිතා කොමිසම මේ බා ගල්අඟුරු ගෙන්වීම නිසා ජනවාරි මාසේ පළවෙනිදි සිට ජූනි මාසේ 30වෙනිදා දක්වා පාඩුව හැටියට දක්වලා තියෙනවා රුපියල් මිලියන 8536ක්. එතකොට මේ බාල ගල් අඟුරු එන කාලේ තමයි ඉතිහාසයේ කවදාවත් නැති විදිහට එකපාරට කරණ්ට් බිල දෙපාරක් වැඩි වුණේ . ළඟ ළඟ කරණට් බිල දෙපාරක් වැඩි වුණානේ?

මහ බැංකු හොරකමට වඩා පාඩුවක්…?

එතකොට මේ මිලියන 8536 ගණන් හදලා තියෙන්නේ ජූනි මාසේ 31 වෙනකන්. එතකොට ඊළඟට මේක ජූලී මාස පාඩුව අගොස්තු මාසේ පාඩුව සහ සැප්තැම්බර් මාසේ 12වෙනිදා දක්වා මේකෙ පාඩුව විඳ දරාගන්න සිද්ධ වෙනවා. එහෙම බැලුවොත් එහෙම පාඩු වෙනවා මිලියන 10,000කට කිට්ටුවට ප්‍රමාණයක් නමුත් ඇත්ත පාඩුව ඊට වඩා වැඩියි. මොකද හේතුව දැන් ඩීසල් ලීටර්යක් රුපියල් හත්සිය ගානක් cost වෙනවා. හැබැයි subsidiary එක අයින් කරයින් පස්සේ තමයි ඔය දැන් විකුණන ගාණට වෙන්නේ. එතකොට ඒ ලීටර් එකකින් රුපියල් 300කට ආසන්න ප්‍රමාණයක් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අතිරේකව වියදම් කරපු එක මේකට ගණන් අරගෙන නෑ. එහෙම ගණන් හදලා බැලුවම අපි දන්නවා පහුගිය කාලේ පෙට්‍රෝලියම් එකෙන්ම අදහස් ආවා සමහර මාසවල සම්පූර්ණ නැවක් ගෙනල්ලා තියෙනවා මේ ලක්විජය බලාගාරයේ උත්පාදනය කරන්න බැරිවෙච්ච හිඟ විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා තෙල් ආනයණය කරලා තියෙනවා කියලා. එතකොට මහ බැංකු හොරකමට වඩා පාඩුවක් මේකේ සිද්ධ වෙලා තියෙනවා. මේකේ වගකීම ගන්නේ කවුද? මේකට වග වෙන්නේ කවුද?

අවසානයේදී මේකට ඇමතිවරයා ඉල්ලා අස් උණා කියලා පාඩුව ලැබෙන්නේ නැ. මේකට වග කියන්න ඕන අයගෙන් මේක අය කරගන්න කටයුතු කරන්න ඕන. මොකද හේතුව නැත්නම් මේ මිලියන 14,000ක විතර පාඩුව යන්නේ මේ රටේ පාරිභෝගිකයින් අතට. මේවා මරික්කාර් කියන ඒවා නෙමෙයි. අපි කිව්වහම ඉතින් ‌ඩෝබිලා අහරෙන් මෙහෙන් එක එක ඒවා දානවා. මෙන්න මේක මහජන උපයෝගිතා කොමිසමෙන් තමයි මේ පාඩුව කියන්නේ. ඊළඟට මෙන්න Bureau Veritas සමාගමෙන් ලබා දීලා තියෙන රිපෝට් ටික. නැව් 19ම පරක්කුයි. නැව් 19ම ෆේල්. නැව් 19න්ම පාඩුවක් වෙලා තියෙනවා.

වරාය නගරයට විදේශවලින් එක ඩොලරරයක් ඇවිත් නැහැ

ඒ නිසා අපි කියන්න කැමතියි මේ ආණ්ඩුව කයියෙන් තමයි ගෙනියන්නේ. මේ ආණ්ඩුව තමන් විසින් ම තමන්ව මුළා කරගන්න වැඩක් කරන්නේ. අර කවුද නියෝජ්‍ය ඇමති කෙනෙක් කිව්වා ඩෝබි බළකායේ 70,000ක් ඉන්නවා ඒ 70,000 ෆේක් ප්රො ෆයිල් වලින් ඇවිල්ලා බැලුවහම යනවා. දැන් ඔබතුමන්ලා බලන්න සමහර මාලිමාවේ ෆේස්බුක් පෝස්ට් එක බැලුවහම ,කමෙන්ට් ඔක්කොම නෙගටිව් හරිද? Reaction ගියාම ඔක්කොම වැඩි හරියක් තියෙන්නේ Thums up එක. ඉතින් එතනින්ම පේනවා organic කොහෙද Artificial කොහෙද කියලා. ඒ නිසා මේ මුසාව මුළාව කරන්න එපා ආණ්ඩුව. දැන් පහුගිය දවසක අපි පහුගිය බ්‍රහස්පතින්දා අපේ කමිටුවට කැඳෙව්වා කොළඹ වරාය නගරය සහ ඒකට යටිතල පහසුකම් සපයන ආයතන ටික. මොකද විදුලි බල මණ්ඩලයෙන් කරන්ට් එක දෙන්න ඕන. ඊළඟට ජල සම්පාදනයෙන් වතුර ලබා දෙන්න ඕන. ඊළඟට මහාමාර්ග අමාත්‍යංශයෙන් මාර්ග ටික හදලා දෙන්න ඕන. එතකොට දැන් මේ හැම එකක්ම යටිතල පහසුකම් සපයනවා රජය වියදන් කරලා ආදායමක් බලාපොරොත්තු වෙන්නේ. දැන් උදාහරණයට බිලියන හතක් විතර ආණ්ඩුව වියදම් කරලා වරාය නගරයට water supply එක දෙනවා. හැබැයි ඒක එන්නේ නැ කොහෙම්වත්. මොකද ඒගොල්ලෝ වතුර කනෙක්ෂන් එක අරගත්තහම නෝමල් මීටර් ගානට ගෙවන විදිහට තමයි ගෙවන්නේ. හැබැයි අතිරේක බිලියන හතක් වියදන් කරා. ඉතින් ඒ අතිරේක බිලියන හත වියදන් කරන්නේ ජල සම්පාදනය හරහා බිලෙන් අය කරගන්න නෙමෙයි. ඒ හරහා ආදායම එන්න. ඒ නිසා මාධ්‍යවේදී මැතිතුමනි, ඇස් වලට තියෙන වැලි කැට ටික අයින් කරලා බලන්න. මේ වෙනතෙක් විදේශවලින් එක ඩොලර් එකක් වරාය නගරයට ඇවිල්ලා නැහැ. එක ඩොලර් එකක් වරාය නගරයට ඇවිල්ලා නැහැ.

වරාය නගරයේ පදිංචි ශ්‍රී ලංකික පුරවැසියා ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා

මම මේ ළඟදී පාර්ලිමේන්තුවේදී මුදල් නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා මොනවද මෙතෙක් ඇවිල්ලා තියෙන සෘජු විදේශ ආයෝජන අනුර කුමාර මැතිතුමා ජනාධිපති උනායින් පස්සේ. එතුමා දීර්ඝ හෑලි කියාගෙන ගියා. අර අතුරු ප්‍රශ්න අහන්න බැරි මම කිව්වා සභාගත කරන්න කියලා. වරාය නගරයේ ආදායම් ගැන කිව්වා. වරායේ නගරයේ අධ්‍යක්ෂ ජෙනරල්වරයා අපේ කමිටුවට ඇවිල්ලා කිව්වා, මේ වෙන තෙක් එක් ඩොලරයක් ඇවිල්ලා නැහැ. ඩොලර් මිලියන 500ක් ඉඩම් විකුණලා අරන් තියෙනවා දේශීය ආයෝජකයන්ගෙන්, දේශීය කම්පනිවලින්. එතකොට දේශීය කම්පනි ඩොලර් දෙන්නේ කොහොමද? රුපියල් කන්වර්ට් කරලා. දැන් වරාය නගරය බලාපොරොත්තුව මොකක්ද? මේක economic Hub එකක් කරන්න. Economic Hub එකක් කරන්න නම් අනිවාර්යයෙන් ම විදේශ ආයෝජන එන්න ඕන. ඒ හරහා මුදල් ගණු දෙනු සිද්ධ වෙන්න ඕන. මුදල් සංසරණය වැඩිවෙලා අපේ සංචිතය ශක්තිමත් වෙන්න ඕන.

ඒ වෙනුවට ගරු මාධ්‍යවේදී මැතිතුමනි, එදා හෙළි වුණා දැන් මේ වරාය නගරය ගැසට් කරලා තියෙනවා කොළඹ පරිපාලන දිස්ත්‍රික්යට. කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි වරාය නගරයේ පදිංචි වෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. මොකද නගර සභාවක් නෑ ඒකට. කොළඹ මහ නගර සභාවෙන් තමයි සර්විස් එක ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා මැතිවරණයට වරාය නගරයේ පදිංචි ශ්‍රී ලංකික පුරවැසියාට ඡන්දය දාන්න පුළුවන්, පළාත් පාලන ඡන්දයක් ආවොත් ඡන්දේ දාන්න නගර සභාවක් නැහැ. ඒක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒ නිසා අපි ඒ අයට කිව්වා මේක වහාම හදාගන්න. මොකද මේකට කවුරුහරි නඩු දැම්මොත් මේකට නඩු දාලා මේ වරාය නගර ව්යාවපෘතිය පරක්කු වෙනවට අපි කැමති නැහැ. මොකද රටේ ආර්ථිකය ඉක්මනින් දියුණු වෙන්න ඕන. සංචිත ඉක්මනින් වැඩි වෙන්න ඕන. ඩොලර් වැඩිපුර එන්න ඕන.

වරාය නගරය කොළඹ නගර සභාවට අනියුක්ත කළ යුතු යි

දැන් මේගොල්ලෝ හදලා තියෙන්නේ කොළඹ නගර සභාවෙන් සියලු සර්විස් ගන්නවා. ගිනි නිවන සේවා ගන්නවා කොළඹ නගර සභාවෙන්. කුණු එකතු කරනෙක ගන්නවා කොළඹ නගර සභාවෙන්. ඒ වගේම වේස්ට් මැනේජ්මන්ට් එක ගන්නවා කොළඹ නගර සභාවෙන්. හැබැයි ඒ ගෙවන්නේ කොහොමද කියලවත් තාම ඉවර කරලා නෑ. ඒනිසා කයිය ගහ ගහ ඉන්නේ නැතුව මේවා කෙරෙහි අවධානය යොමු කරන්න. මාධ්‍ය සංදර්ශන දාන් නැතුව. මේ සිදු විය යුතු නිත්යා නුකූලව සිදුවිය යුතු දේවල් ටික මේවා කරන්න. එතකොට කොළඹ වරාය නගරය වෙනම ලෙවල් එකක පවත්වාගෙන යන්න ඕන නම් වෙනම නගර සභාවක් ගැසට් කරන්න. එහෙම නැත්නම් මේක කොළඹ නගර සභාවට අනියුක්ත කරන්න. එතකොට කාටවත් නඩු දාන්න බැහැ. එතකොට මේක පරක්කු වෙන්නේ නැහැ.

ඒ වගේම තමයි මේකට ආයෝජන ගේන්න ආයෝජකයන් දිරිමත් කරන්න මෙහෙ ඉඳන් ලංකාවේ මාධ්‍යවල පොර ටෝක් දිදී ඉඳලා වැඩක් නෑ. යුරෝපයට ආසියාවේ දියුණු රටවල් වලට මේක පිච් කරන්න හරියට. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්න කැමතියි මේවා හරියට කළමනාකරණය කරේ නැත්නම් මේ බොරු එළි වෙනවා. මේ බොරු එළි වුනාම ඔබතුමන්ලා විතරක් නෙමෙයි මේ රටේ ජනතාවත් අමාරුවෙ වැටෙනවා කියන එක අපි මතක් කරන්න කැමැතියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න