Image

වාහන ආනයන බදු මත පැනවූ අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ

වාහන ආනයන බදු මත පැනවූ අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ

වාහන ආනයන බදු මත රජය විසින් හෙට (15) දිනය දක්වා පනවා තිබූ 50%ක අධි භාරය ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ සිට දෙසැම්බර් මස 31 වන දින තෙක් වූ කාලසීමාව සඳහා මෙම දීර්ඝ කිරීම සිදුකර ඇති බව සඳහන් වේ.

1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව අදාළ දීර්ඝ කිරීම සිදුකර තිබේ.

කෙසේ වෙතත් මෙම නියමය පසුගිය මැයි මස 15 වැනි දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කරන ලද මෝටර් වාහන ආනයනයන් සම්බන්ධයෙන් අදාළ නොවනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න