කොම්පඤ්ඤවීදියේ ශ්‍රී සුබ්‍රමණියම් මුරුගන් කෝවිලේ දේවාභරණ අස්ථාන ගත විමේ සිද්ධියට අදාළව එම කෝවිලේ ම වසර දහයක් තිස්සේ ප්‍රධාන පූජක ලෙස සිටි පූජකවරයාට අද 17 කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන වරෙන්තු නිකුත් කළේ ය.
එම පූජකවරයා ගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගමන විගමන පාලක වරයා වෙත දන්වා යවන ලෙසට නියෝග කළේ ය.
කොම්පඤ්ඤවීදි පිහිටි කෝවිලේ දේවාභරණ නැතිවීමට අදාල සිද්ධියක් හේතු කරගනිමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය අද අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ ය.
අදාළ පූජකවරයා කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වූවෙක් බව විමර්ශන අනාවරණය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
