නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරයි. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙලෙස අධිචෝදනා ගොනු කර ඇත.
මඩකලපුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006 දෙසැම්බර් 15 දින කොළඹ අධි ආරක්ෂක කලාපයක් තුළ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වීමෙන් අනතුරුව අතුරුදන් වූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ විමර්ශනයක් සිදු කරන ලදී.
2025 අප්‍රේල් 8 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් අනතුරුව රැඳවුම් නියෝග 4ක් මත දින 359ක් රඳවාගෙන සිටි පිල්ලෙයාන් 2026 අප්‍රේල් 2 දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහි දී අනාවරණය වී ඇත්තේ හිටපු උප කුලපතිවරයා සෙවණපිටිය කඳවුරට රැගෙන ගොස් ඝාතනය කර, පුළුස්සා ඇති බවයි.
පොළොන්නරුව සෙවණපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන මෙම රහසිගත වධකාගාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත කරුණු වාර්තා කර ඇත. මෙම කඳවුර පවත්වාගෙන යෑම සඳහා කිසිදු නිල අනුමැතියක් ලබා දී ඇත්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිඛිතව විමසා ඇති අතර, ඊට පිළිතුරු සපයමින් ජාතික බුද්ධි ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ එවැන්නක් පවත්වාගෙන යෑම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
