කෝටි හතරක වටිනාකමකින් යුත් මැණික් ගලක් සොරකම් කළ බව කියන සිද්ධියට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බියගම ප්‍රාදේශීය සභාවේ දේශපාලනික ක්‍රියාකාරිනියක ඇතුළු තවත් සැකකරුවන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන තෙක් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක අද (18) නියෝග කළේ ය.
මෙලෙස නියෝග කළේ සැකකරුවන් මධ්‍යම අපරාධ කාර්යාංශය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
රක්ෂිත බන්ධනාගාරගත කළේ වෙඩික්කාර ආරච්චිගේ උදාරි නිපුණි, දෝන් මල්ෂ දෙනුවන් සහ හෙට්ටිආරච්චිගේ සමිදු දිල්හාර නමැති අය යි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන් නිලධාරීන් සඳහන් කර සිටියේ සැකකාරිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බියගම ප්‍රාදේශීය සභාවේ ක්‍රියාකාරිනියක ලෙස 2025 ජාතික ලැයිස්තුවෙන් නම් කර තිබු බවයි. දැනට මෙම කන්තාව ව්‍යාපාරික කටයුතු සහ දේශපාලන කටයුතු සිදු කරන බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය දන්වාා සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
