සම්මානනීය ගීත රචක සහ ලේඛක හිමි නමක වන පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වී තිබේ.
උන්වහන්සේ මෙලෙස අපවත්වී තිබෙන්නේ රෝගාතුරවීම හේතුවෙන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී ය. අපවත් වනවිට උන්වහන්සේ 76 වන වියෙහි පසුවූහ.
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, ශ්‍රී ලාංකීය ගී පද රචනා කලාවට අසමසම මෙහෙවරක් ඉටුකළ අතර මෙරට ජනාදරයට ලක්වූ ජනප්‍රිය ගීත රැසක් පද රචනය කළහ.
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, බුදු බණ ඇසුවා, ලා දළු බෝපත්, පන්සලේ පල්ලියේ, මේ ඉර හඳ යට, මේ ප්‍රේම කතා නවතා මොහොතක්, සඳ තරු මල්, සෙනෙහස පුදා, අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, වෙහෙරක් වගේ, සහ සියක ආයු ලැබ යන ගීත උන්වහන්සේගේ අතිශය ජනප්‍රිය වූ නිර්මාණ වූ අතර එම නිර්මාණ එකතුවට බෞද්ධ බැති ගීත මෙන්ම විවිධ තේමා යටතේ රචනා වූ ගීත ද රාශියක් ද ඇතුළත් ය.
දෙණියායේ රඹුකන ප්‍රදේශයේදී 1950 මැයි 22 වන දින උපත ලැබූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසලෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබාගත්හ. අනතුරුව උන්වහන්සේ උසස් අධ්‍යාපනය හැදෑරුවේ පැපිලියාන සුනෙත්‍රාදේවී පිරිවෙනෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
