පලෙයි රක්ෂිතයේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් ජනගත කිරීමේ සිද්ධියට අදාළව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සංගීත් ජයසේකර නමැති පුද්ගලයා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද ( 19) නියෝග කළේ ය.
තවද මෙම සිද්ධියට අදාලව සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දෙන ලෙස මාධ්‍ය ආයතන 8කට මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේ නඩුව කැඳවු අවස්ථාවේ දි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ය.
විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් පුහුණු කදවුරක් සහ බෝම්බ නිෂ්පාදනගාරයක් ඇති බවට අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ ලෙස තමන් හදුන්වා ගත් සංගීත් ජයසේකර නමැති අයෙකු මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා පවසා තිබෙන බවයි. තව ද මෙම සැකකරු ව්‍යාජ හැදුනුම්පත් කිහිපයක් භාවිතා කර ඇති බවට ද තොරතුරු අනාවරණය වන බව ද විමර්ශන නිළධාරීන් අධිකරණට දන්වා සිටියේ ය.
ඒමෙන් ම මෙම සැකකරුහට කිලිනොච්චි ප්‍රදේශයේ අඩවි වන නිලධාරියකු විසින් මෙම පදනම් විරහිත ප්‍රකාශය සිදු කළ ඇති බව සැකකරු ප්‍රකාශ ලබාදුන් අවස්ථාවේ පැවසූ බව ද විමර්ශන් නිලධාරීන් අධිකරණයට දැන්වූයේ ය.
මහේස්ත්‍රාත්වරයා: එම අඩවි වන නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළාද?
විමර්ශන නිලධාරීන්: ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට කටයුතු සිදු කරනවා.
මෙම සැකකරු කොළඹ ප්‍රදේශය හෝටලයකදී 2028/8/ 14 වන දින මාධ්‍ය කැඳවා කිලිනොච්චියේ පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් තිබෙන බවට කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය කරුණක් බවයි වැඩිදුරටත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීම සාමයට බාධාවක් විම, මහජන කැලඹීමක් ඇති වීය හැකි බවත්, ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 485 වගන්තිය ප්‍රකාරව චෝදනා ගොනුකර සැකකරු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේ ය. එම අවස්ථාවේ දිීමහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ ජාතික ආරක්ෂාවට බලපෑමක් වීම යටතේ චෝදනා ගොනු කළේ නැද්ද යන්න යි. එහි දී විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි.
මහේස්ත්‍රාත්වරයා: මේ බරපතල කාරණයක්. රටේ ජාතික ආරක්ෂාවට බලපෑමක් විය හැකියි. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විමර්ශන කණ්ඩායමක් කිලිනොච්චි ප්‍රදේශයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් යවා ඇති බවද විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වූයේ ය. එම ප්‍රදේශයේ දෙමළ ජනතාව ඵම රක්ෂිතයට ගොස් වගා කටයුතු සහ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට පලෙයි පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර නඩු පවරා ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූයේ ය.
එම මාධ්‍ය හමුවේ දී ඔහු විසින් ප්‍රකාශ කළ සියල්ල ඊට පසු දිනයේ දී පොලිස්පතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. පලෙයි රක්ෂිතය තුළ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයකු ගොවිපොළක් සහ ඇගළුම් කම්හලක් ඉදිකරමින් පවතින බවත් එය නීති විරෝධී ඉදිකිරීමක් බැවින් එකී ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පවරා ඇති බවත් පොලිස්පතිවරයා පවසා තිබෙන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ. තව ද මෙම සැකකරු මාධ්‍ය ආයතනවල පමණක් නොව යූටියුබ් නාලිකාවල ද මෙම ප්‍රකාශයේ සිදු කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූයේ ය.
ඒ අනුව මෙම සිද්ධියට අදාළව සංස්කරණය නොකළ වීඩියෝ පට ලබාදීමට මාධ්‍ය ආයතන අටකට නියෝග නිකුත් කරන ලෙස ද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
මෙම සිද්ධියට අදාලව විමර්ශන ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
