පාර්ල්මේන්තුවට ඉදිරිපත් කරන ලද 22 ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් බෙල්ලන්විල රජමහාවිහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්‍ය ,බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දැක කරුණු ඉදිරිපත් කිරීමට නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයන් කටයුතු කළේ ය.
එහිදී උන්වහන්සේ සඳහන් කළේ ආණ්ඩුව නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ජනමතවිචාරණයක් පැවැත්වීම මගින් අධිකරණය කෙරෙහිත් ජන විශ්වාසය ඇතිකිරිමට හේතු වන බවයි. මහනාහිමිවරුන් ගේ ලිපිය සන්බන්ධව ආණ්ඩුව කටයුතු කළ ආකාරය ගැන බලවත් සේ කනගාටුවන බව ද පැවසී ය.
මේ සදහා නිදහස් මෙහෙයුම් මධ්‍යස්තානය වෙනුවෙන් එහි අනුබද්ධිත සංවිධාන ලෙස,
දිනන දකුණ -දර්ශන තන්ත්‍රීගේ
ෆ්‍රී ලෝයර්ස් -නීති ආශා කහවත්ත
ජාතික අවධි සභාව -හිටපු පලාත් සභා අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
සත්‍ය ගවේෂකයෝ -නීති ප්‍රේමනාත් දොලවත්ත (හිටපු පා.ම)
වෘත්තිය සමිති මධ්‍යස්තානය වෙනුවෙන් රවී කුමුදේශ්
ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය -සුබෝධා අධිකාරී
සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය -සංජනා ජයසිංහ සහභාගී වූහ.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
