Image

22වන සංශෝධනය යනු තමන් ගේ නඩුව තමන් ම අසාගැනීමක් ද…?

22වන සංශෝධනය යනු තමන් ගේ නඩුව තමන් ම අසාගැනීමක් ද…?

අද වන විට සමාජයේ ඉමහත් අවධානයට යොමු වී ඇති යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති ඉහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරුන් ගේ සේවා කාලය දීර්ඝ කිරීම සිදුකළ යුතුව ඇත්තේ මනා සුපරික්ෂාවකින් යුත් බහු පාර්ශ්වීය ගැඹුරු සම්මුතියකින් අනතුරුව වන බවත්, එහිදී සියලු ම පාර්ශ්වයන්හි වගකීමක් වන්නේ කුමන හෝ තත්ත්වත්යන් තුළ වුව ද තමන්ගේ ම නඩුව අසන තැනට ශ්‍රේෂ්ඨාධිකරණය පත් නොකර සිටීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සඳහන් කරයි.

එම ව්‍යාපාරය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මෙම සංශෝධනයේ දී අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව අප අසමසම අවධානයක් යොමුකල යුතුව ඇති බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, ඕනෑ ම තේරී පත් වූ හෝ පත් කරන ලද නිලධාරියකු ගේ විශ්‍රාම වයස පිළිබඳ එකම සඳහන ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් සම්බන්ධයෙනි (105(7) වගන්තිය) බැවින් එය අධිකරණ ස්වාධීනත්වය සහතික කරන මූලික ආකාරයක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මතු පළ වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න