Image

සුගීශ්වර රෝහල් ගත කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

සුගීශ්වර රෝහල් ගත කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ධූර කාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන් කටයුතු කරමින් රුපියල් කෝටි 22 අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම කළ බවට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුගීෂ්වර බණ්ඩාර යන අයගේ අසනීප තත්ත්වයයෙන් පසුවන බැවින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ප්‍රතික්ෂේප කළේ ය.

බන්ධනාගාර ගතව සිටින සිරකරුවකු සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම නෛතික ප්‍රතිපාදන නොමැති බවත් එම ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට යොමු කරන ලෙසට දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරයා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

නීතිඥ සුදර්ශනී ගුණරත්න මෝසම් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කළා ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න