රුපියල් කෝටි 2500ක් පමණ වටිනා බවට සැලකෙන ජාඇල මෙල්වත්ත ප්‍රදේශයේ වළදමා ඇති බවට සැක කෙරෙන පෞරාණික රන් ආලේපිත හනුමන්තා පිළිමයක් විකිණීමට තැත් කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් දෙදෙනා ගේ හඩ පට පරීක්ෂා කර කඩිනමින් අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රජයේ රස පරීක්ෂක වරයා වෙත නියෝග කළා.
අදාළ හඩපට පරීක්ෂා කිරීමට රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළා.
නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් දෙදෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස නියෝග කළේ ය.
රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසත් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
රන් පිළිමය වළ දමා තිබූ ජාඇල මෙල්වත්ත ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා කළ පරීක්ෂණවලදී යම් ආගන්තුක ද්‍රව්‍යයක් ඇති බවට අනාවරණය වුව ද භූ විද්‍යා හා පතල් කාර්යාංශය කළ පරීක්ෂණවල දී එම ස්ථානයේ කිසිවක් වළ දමා නොමැති බව අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.
සැකකරුවන් යොමු කළ හඩපට සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර ලබන දෙසැම්බර් මස 03 වනදා අධිකරණයට දන්වා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
