Image

ශෂී වීරවංශ පෙර ඇප මත මුදා හරියි!

ශෂී වීරවංශ පෙර ඇප මත මුදා හරියි!

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඬුවම් ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ පෙර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (20) නියෝග කළා.

සිද්ධියට අදාලව මෙම අධිකරණයේ නියෝගයක් නිකුත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් නැවත නඩුව සැප්තැම්බර් 28 කැඳවන ලෙස ද නියෝග කළා.

කොළඹ මහාධිකරණ නියෝගය ස්ථීර කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව කැඳවු අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.

සිද්ධියට අදාල විත්තිකාරිය අද අධිකරණයේ පෙනී සිටියා.

සිද්ධියට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව විභාග කිරීමට සැප්තැම්බර්  22 වන දින නියම කර ඇති බවද නීතීඥවරයා අධිකරණයට දැන්වුවා.

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඬුවම් හා දඩයට එරෙහිව විත්තිකාරිය ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය ඉකුත් (11) ප්‍රතික්ෂේප කළා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව ස්ථීර කරන බව දැනුම් දුන්නා.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට 2022 වසරේ මැයි මස 27 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරදකරු කරනු ලැබුවා.

එහිදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇයට වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළා.

අනතුරුව එම තීන්දුවට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය කොළඹ මහාධිකරණයේ අභියාචනයක් ගොනු කර තිබුණා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න