Image

ඩෙංගු මර්දනය සඳහා ප්‍රජාව බලගැන්වීමේ නියමු ව්‍යාපෘතිය බොරලැස්ගමුවෙන් අරඹයි

ඩෙංගු මර්දනය සඳහා ප්‍රජාව බලගැන්වීමේ නියමු ව්‍යාපෘතිය බොරලැස්ගමුවෙන් අරඹයි

ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ප්‍රජා දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් “ප්‍රජා බලකරණය සඳහා වෙනසක්” යන සන්නිවේදන මූලධර්ම මත පදනම් වූ "ප්‍රජා මුලික ඩෙංගු මර්දන හා පාලන නියමු වැඩසටහන" සමාරම්භය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද (21) බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ දී සිදු කළේ ය.

ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ජනතාව ගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය වන අතර, එම දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ යි.

ඩෙංගු මර්ධන වැඩසටහන් වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කිරීම උදෙසා මහජනතාව ගේ හැසිරීම් රටාවේ (චර්යාත්මක) වෙනසක් ඇති කිරීමේ නව මංපෙත් සෙවීමේ සමීක්ෂණයක් දියත් කිරීම ඇතුළු නව මුහුණුවරකින් යුතුව කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව, නුගේගොඩ සහ බොරලැස්ගමුව යන තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ඩෙංගු අධිඅවදානම් වසම් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවේ.

මෙහි දී තොරතුරු රැස්කිරීම සහ දැනුවත් කිරීමේ අත් පත්‍රිකා මගින් ප්‍රජාව දැනුවත් කිරීම මෙන්ම "ඩෙංගු රහිත නිවසක් - සුරක්ෂිත රටක්" යන තේමාව යටතේ ඩෙංගු අවදානම පිළිබඳ සන්නිවේදනය වන ආකාරයෙන් ජනතාව ගෙන් ඉටු විය යුතු යුතුකම් පිළිබඳ බලතරණය කරන ස්ටිකර් ව්‍යාපෘතියක් ද මෙහි දී හඳුන්වා දුන්නේ ය.

ඒ අනුව කොළ, කහ සහ රතු පැහැති ස්ටිකර් මගින් පරිශ්‍ර ඩෙංගු මදුරුවන් බෝ නොවන, බෝවිය හැකි සහ බෝවන ස්ථාන සහිත බව ජනතාවට දැනුම් දෙනු ලබයි. මෙම නියමු ව්‍යාපෘතියේ දත්ත සමාලෝචනය කරමින් ඉදිරියේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ආධාර ඇතිව බස්නාහිර පළාත සහ දීප ව්‍යාප්තව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නියමිත ය.

මෙම වැඩසටහන කාලෝචිත වැඩසටහනක් බවත්, ප්‍රජාව සෘජුව සම්බන්ධ කර ගනිමින් ඩෙංගු මර්දනය සඳහා ජනතා සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කළ හැකි බව මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසී ය.

ඒ සඳහා මෙම නව ප්‍රජා බලකරණ නියමු ව්‍යාපෘතිය වැදගත් පියවරක් වනු ඇති බවත්, මෙම වැඩපිළිවෙළේ පසුවිපරම් කටයුතු ද ශක්තිමත් විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය පූර්ණිමා තිලකරත්න, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් ඉශංකා ඩී.කේ උඩවත්ත, බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල, කොළඹ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය යන අය සහ ඩෙංගු මදුරු මර්දන සහායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

WhatsApp Image 2026 08 21 at 1.24.32 PM 1

WhatsApp Image 2026 08 21 at 1.24.30 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න