Image

පියසේන ගමගේට එරෙහි විමර්ශන අවසන් කරන්නැයි නියෝග

පියසේන ගමගේට එරෙහි විමර්ශන අවසන් කරන්නැයි නියෝග

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇප මත සිටින හිටපු නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය පියසේන ගමගේට එරෙහිව අල්ලස් කොමිස විසින් පවරා ඇති නඩුවට අදාළව විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(21) නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ සිද්ධියට අදාළ සැකකරු විවෘත අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ය.

නඩුව නොවැම්බර් 20 වන දින කැඳවිමට ද මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළේ ය.

අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත බඳවා ගැනීමේ පටිපාටියට පරිභාහාරව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස බලතල අයුතු ලෙස භාවිතා කරමින් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් සුළු සේවකයන් 134 ක් බදවා ගෙන දූෂණය නමැති වරද සිදු කිරීම හේතුවෙන් සැකකරුට චෝදනා ගොනුකර තිබෙන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න