Image

ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද!

ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද!

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද (24) පස්වරු 7.00 ට යෙදෙන සුබ මොහොතින් සිදුවේ.

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර නැගෙනහිර දිශාභිමුඛව, නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාල පෙරහර සමඟින් පෙරහර ගමනට එක්වෙයි.

දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය, ඊ. එල්. සේනානායක වීදිය, හරස් වීදිය සහ ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවදීම සිදුවේ.

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර ඊයේ (23) රාත්‍රී වීදි සංචාරය කළ අතර, එහිදී සධාතුක පෙරහර කරඬුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහා දේවාලයට අයත් 'වාසනා' ඇතා විසිනි. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් 'සිංහ රාජා' සහ 'පුලතිසි රාජා' යන ඇතුන් දෑලේ ගමන් ගත්හ.

ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් දියවඩන නිලමේ නිලංග දෑල මහතා පෙරහර ගමනට එක් විය. පළමු රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් මාර්ග දෙපස රැඳී සිටියහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

 

peraharawi

vlcsnap 2026 08 24 02h51m28s119

vlcsnap 2026 08 24 02h52m38s215

vlcsnap 2026 08 24 02h51m56s219

vlcsnap 2026 08 24 02h52m30s496

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න