Image

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ ලංකාවට.....

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ ලංකාවට.....

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලලිත් කන්නන්ගර නොහොත් ‘බස් ලලිත්’ නැමැත්තා අද (25) අලුයම මෙරටට රැගෙන විත් ඇත.

කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබුණු බව වාර්තා වේ.

ලංකාවට රැගෙන ආ සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් රතු නිවේදනය බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ලබා ගෙන ඇති අතර, මොහු මිනී මැරීමේ වරදට අධිකරණයේ පෙනී නොසිටීමේ වරද යටතේ කොළඹ මහාධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.

මේ අතර, 2021.09.20 දින නෙලුන්තුඩුව පදිංචි පුද්ගලයෙකුගේ නිවස ඉදිරිපිටට ගොස් වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ද විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

2022.10.16 දින පුද්ගලයින් තිදෙනෙකු කපා බරපතලළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් බස් ලලිත්ට එරෙහිව නිකුත් කර තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන විත් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එම කාර්යාංශය පියවර ගෙන තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න