මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගි වීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගනිමින් කෙටි පිළිසඳරක නිරත විය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග ද කෙටි පිළිසඳරක නිරත විය.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේගේද සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
