ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට යාපනයේ අලෙයියාලෙයි සිට ඉන්දියාවට පලා යෑම සඳහා ආධාර අනුබල දුන් බෝට්ටු රියැදුරා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ (08) නියෝග කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 30ක් රඳවා ප්‍රශ්න කළ සෙල්වනේෂන් ජේසුදාසන් නොහොත් ‘පලසු’ නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ය.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම බෝට්ටු රියැදුරු ගනේමුල්ලේ සංජීව ඝාතන නඩුවේ හතළිස් හත්වන සැකකරු ලෙස නම් කරන බවයි.
සැකකරු විසින් මනා දැනුමක් ඇතිව ඉෂාරා සෙව්වන්දි යන අයව රටින් පිට කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බවත්, සෙව්වන්දිව ඉන්දියාවට ගොඩ බැස්සූ පසුව ඔහු විසින් බෝට්ටුවේ සාක්ෂිය වන ජී පී එස් යන්ත්‍රය විනාශ කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ ය.
සැකකරු මීට පෙර ද මේ ආකාරයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රටින් පිටවීමට ආධාර අනුබල දී ඇති බවත්, ඉන්දියාවට යෑම සඳහා ඔහු රුපියල් පනස් දහසක මුදලක් අයකර ඇති බවටත් කරුණු හෙළිව ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන (18)වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
