Image

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහි නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් මස 02 වනදා

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහි නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් මස 02 වනදා

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් මස 02වන දා පවත්වන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළේ ය.

මෙම නඩුව: ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසුරිය, සහ තිලකරත්න බණ්ඩාර යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවී ය.

2015 වසරේ පෙබරවාරි 02 වැනිදා බැඳුම්කර වෙන්දේසිය තුලින් රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදු කිරිම ඇතුළු අධි චෝදනා 23 ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන්, පත්තිනිගේ සමරවීර, අර්ජුන් ඇලෝසියස්, ඇතුළු 10 දෙනෙකුට මෙම නඩුව පවරා ඇත.

නඩුවේ පළවෙනි විත්තිකරු අර්ජුන් මහෙන්ද්‍රන් සහ හයවන විත්තිකරු අධිකරණ හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් නොමැති නඩු විභාගය පැවැත්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න