ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කරමින්, කෙරවලපිටිය කාර්මික කලාපයේ ඉදිකෙරෙන මෙගාවොට් 350ක ‘සහස්ධනවි’ සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ (Combined Cycle Power Plant) සංවර්ධන කටයුතු සඳහා වන ගිවිසුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් සාර්ථකව ලියාපදිංචි කර ඇත. එය ලියාපදිංචි කර ඇත්තේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17(2) වගන්තිය යටතේ 2026 අගෝස්තු 13වන දා ය.

මෙම ව්‍යාපෘතියට අදාළ ප්‍රධාන තොරතුරු පහත පරිදිය.
විශාල ආයෝජනයක්: ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 291.19කි. මෙයට ඇමරිකානු ඩොලර් මිලියන 90ක කොටස් ප්‍රාග්ධනය, ඩොලර් මිලියන 196.19ක ණය ප්‍රාග්ධනය සහ ඩොලර් මිලියන 5ක වෙනත් අරමුදල් ඇතුළත් වේ.
නව රැකියා අවස්ථා: බලාගාරයේ කටයුතු උපරිම මෙහෙයුම් ධාරිතාවයට ළගාවීමේදී රැකියා අවස්ථා 1,147ක් නිර්මාණය වන අතර, දේශීය තාක්ෂණික හා වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීමට ද සහාය ලැබේ.
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම (BOOT පදනම): ඉදිකිරීම, හිමිකාරීත්වය, මෙහෙයුම් සහ පසුව පවරාදීමේ (Build-Own-Operate-Transfer) පදනම මත ක්‍රියාත්මක වන අතර, ජාතික විදුලිබල පද්ධතියට සෘජුවම විදුලිය සැපයේ.
අදියර දෙකකින් නිමකිරීම:
1 වන අදියර: LNG භාවිතයෙන් නිපදවෙන මෙගාවොට් 243ක ජනන ධාරිතාවක් සහිත ගෑස් ටර්බයිනය (ඩීසල් භාවිතයෙන් මෙගාවොට් 213ක්).

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
