පැමිණිල්ල සාක්ෂිකරුවන් ගෙන්නුවාට ඒ අය අධිකරණයේ සාක්ෂිකරුවන්. ඔවුන් මැඩ පැවැත්වීමට හෝ ඔවුන්ට බලපෑම් කිරීමට ඔබට බැහැ. අධිකරණය මේ සියල්ල නිරීක්ෂණය කරමින් ඉන්නේ යැයි කියමින් මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගමට දැඩිව අවවාද කළේ ය.
මහාධිකරණ විනිසුරුවරයා එසේ අවවාද කළේ, ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් රජයේ රෝහල් වලට බේදා හැරිම ඇතුළු අධිචෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට පවරා ඇති නඩුව ඊයේ (09) කැඳවූ අවස්ථාවේ දී ය.
ඊයේ දින පැමිණිල්ලේ සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති අතිරේක ලේකම්වරියක් පැමිණ සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම සාක්ෂි මෙහෙයවනු ලැබීය. ඉන් අනතුරුව හරස් ප්‍රශ්න ඇසීම සඳහා අටවන චූදිත වන හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්කවැල්ලගේ නීතිඥ නයන්ත ජයසුන්දර හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේ ය.
එහි දී එක් ප්‍රශ්නයක් ඇසූ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අත දිගුකර සාක්ෂිකාරියට කියා සිටියේ එම ප්‍රශ්නයට උත්තර දීමෙන් වළකින ලෙස යි. එහි දී එම සාක්ෂිකාරිය එයට උත්තර දීමට නොහැකි බව ප්‍රකාශ කළේ ය.
ඊට නීතිඥවරයා දැඩි විරෝධය පෑ අතර නීතිඥවරයා සඳහන් කළේ මිනිස්සු දොළොස් දෙනෙක් දිනපතා අධිකරණයට පැමිණෙන බවත් ඔවුන් ගෙදර යනවා ද බන්ධනාගාර ගත වෙනවද යන්න සාධාරණ නඩු විභාගයකින් දැන ගැනීමට අයිතිය ඇති බව යි.
"ස්වාමිනි. පිළිතුරු දෙන්න එපා කියන එක යුක්ති සහගත නෑ. අපිට අවශ්‍ය ප්‍රශ්න ඇසීම නිසා ඔවුන්ට පිළිතුරු දීමට නිදහස තිබිය යුතු යි. මෙහෙම සාක්ෂිකාරයන්ට බලපෑම් කරන එක වැරදියි."
එහි දී විනිසුරු මඩුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට දැඩිව අවවාද කළ අතර ඇය සඳහන් කර සිටියේ ඇය පෙනී සිටින්නේ දහස් ගණනක රෝගීන් වෙනුවෙන් බවයි.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12කට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකර ඇත.
ප්‍රියන්ත ලියනගේ , විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව ඊයේ විභාගය සඳහා කැඳවී ය.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් (13) යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
