Image

ජනපති සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයින් අතර හමුවක්

ජනපති සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයින් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (10) ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයින් සමග හමුවකට සහභාගි විය.

2027 වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත 11වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය පිළිබඳව මෙන්ම එහි සංවිධාන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේ ය. ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය නිල වශයෙන් එළිදැක්වීම ද මෙම හමුවේදී සිදුකළේ ය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සහ ඉදිරි සැලසුම් පිළිබඳවද අදහස් හුවමාරු කළ අතර, බාලදක්ෂ ව්‍යාපාරය පාසල් වැඩි ප්‍රමාණයක් වෙත ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව සහ රජය ගෙන යන විෂ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන්වලට බාලදක්ෂ ව්‍යාපාරයේ දායකත්වය ලබා දීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා එහි දී පෙන්වා දුන්නේ ය.

WhatsApp Image 2026 09 10 at 8.55.34 PM

WhatsApp Image 2026 09 10 at 8.55.35 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න