නව සමාජ ක්‍රමයක් බලාපොරොත්තුවෙන් සිය දිවි පරදුවට තබා සටන් කළ අය අතීතයේ පමණක් නොව ඊනියා නිදහස ලැබීමෙන් ඉක්බිතිව ද බිහි විය. ඒ පළමු නැගිටීම සිදු වූයේ 1971 වසරේ දී ය. එවකට පැවති රාජ්‍ය පාලකයින් විසින් ඒ විප්ලවීය සොයුරු සොයුරියන් දස දහස් ගණනක් ඝාතනය කළේ ය; ඇතැම් අය අතුරුදන් කළේ ය; තවත් පිරිසක් සිරගත කළේ ය.
මෙලෙස ඝාතනයට ලක් වූ සටන් සගයින් අතුරෙන් ප්‍රබල සටන්කරුවකු ලෙස සැලකෙන යූස්ටස් දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් ''පතී'' ද එබඳු සටන් සගයෙකි.
එම සටන් සගයා පිළිබඳ ව කෘතියකි ''පතී''; මෙය රචනා කර ඇත්තේ ද 87 – 89 යුගයේ පැන නැගි දෙවන විප්ලවීය සටනේ දී ඒ වෙනුවෙන් නේක කැපවිම් කළ තවත් සටන් සගයකු වන, වර්තමානයේ ලංඩන් හි දිවි ගෙවන ගාමිණී මුතු කුමාරණ ය.
එම කෘතිය එළඹෙන 13වන දා සවස 03.00ට රාගම හේෂාන් උත්සව ශාලාවේ දී ජනගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
එම අවස්ථාවට සහභාගි වන මෙන් කතුවරයා සහ ප්‍රකාශන ආයතනය සහෝදරත්වයෙන් ඇරයුම් කරයි…!
Grip Medie Publication ප්‍රකාශනයක් වන මෙම කෘතිය මරදාන සූරිය ප්‍රකාශන බෙදා හැරීමකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
