අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී විසින් ගායනා කළ සහ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත ගීත වාණිජ්‍යය පරමාර්ථයෙන් භාවිතා කිරීම වළක්වාලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි කටයුතු යොදා ඇති බව වාර්තා වෙනවා.
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ උපදෙස් මත කැපිටල් සිටි ලෝ (Capital City Law) නීතිඥ සමාගම විසින් මේ පිළිබඳ නිවේදනක් ද නිකුත් කොට තිබේ.
එම නිවේදනයට අනුව එකී ගීත සම්බන්ධ වාණිජ අයිතීන් දරන සුනිල් ආරියරත්නගේ අයිතීන් උල්ලංඝනය වන පරිදි, වාණිජ්‍යය පරමාර්ථයෙන් එම ගීත නැවත ගායනා කර පටිගත කිරීම, 'කවර් වර්ෂන්ස්' වශයෙන් භාවිත කිරීම, උපහාර ප්‍රසංග හෝ අනුස්මරණ ප්‍රසංග වල ගායනා කිරීම, මහජනයා වෙත වාණිජ්‍යය අරමුණකින් විකාශනය කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම නීති විරෝධී වන බව පෙන්වා දී තිබේ.
මෙම පියවර 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන මෙන්ම, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) සහ Cey Music යන සාමූහික කළමනාකරණ සංවිධානවල රෙගුලාසි අනුව ගෙන ඇති බවද නිවේදනයේ සඳහන්.
ඒ අනුව, අදාළ හිමිකම් උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ සිවිල් හා අපරාධ නඩු පැවරීමට කටයුතු කිරිමට සිය සේවාදායකයාට හැකි බව නීතිඥ සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් වාණිජ්‍යය අරමුණකින් තොර පාසල්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන ආධුනික ගායනා තරග සහ අනෙකුත් එවැනි ගායනා සම්බන්ධයෙන් පමණක් මෙම වළක්වාලීම අදාල නොවන බව නිවේදනයේ සඳහන් වෙයි.
මතු පළ වන්නේ කැපිටල් සිටි ලෝ (Capital City Law) නීතිඥ සමාගම විසින් නිකුත් කළ අදාළ නිවේදනයේ ලිඛිත පිටපතයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
