Image

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර ගේ කෘති තුනක් ජනගත කරයි

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර ගේ කෘති තුනක් ජනගත කරයි

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර විසින් රචිත නවතම යොවුන් නවකතාව වන 'යෝ යෝ', 'වැරදුණාට කමක් නැතී' ළමා සාහිත්‍ය කෘතිය ද්විත්වය සහ ‘නෑ ඒ අම්මා නෙවෙයි' කෘතියේ පුනර් මුද්‍රණය සමග කෘති ත්‍රිත්වයක් සැප්තැම්බර් මස 16වන දා සවස 2.30 ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ජනගත කරයි.

එම අවස්ථාවේ දී: මහාචාර්ය ප්‍රභා මනුරත්න 'යොවුන් සාහිත්‍යයේ ගෝලීය ප්‍රවණතා', යන මැයෙන් ද, ප්‍රවීණ ලේඛක ජයන්ත කහටපිටිය ‘යොවුන් සාහිත්‍යකරණයේ අපේ අත්දැකීම්' යන මැයෙන් ද, දෙසුම් පැවැත්වීමට නියමිත ය.

'නෑ ඒ අම්මා නෙවෙයි' සහ 'යෝ යෝ' යන කෘති ද්විත්වය සයුර ප්‍රකාශනයකි; 'වැරදුණාට කමක් නැතී' කෘතිය සමුද්‍ර ප්‍රකාශනයකි.

එම අවස්ථාවේ දී විශේෂ වට්ටම් සහිතව මෙම කෘති ත්‍රිත්වය මිලදී ගත හැකි ය.

කතුවරයා සහ ප්‍රකාශන ආයත ද්විත්වය සාහිත්‍යයට ළැදි සියල්ලන්ට මෙම අවස්ථාවට සහභාගි වන්නැයි ගෞරවයෙන් යුතුව ආරාධනා කරයි…!

787842900 28753908440880827 5491793471060933806 n

514755569 24465103126428068 5238216410938899391 n 1ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න