Image

අනගාරික ධර්මපාල 162වන ජන්ම දිනය සහ මහබෝධි 125වන සංවත්සරය 17වන දා!

අනගාරික ධර්මපාල 162වන ජන්ම දිනය සහ මහබෝධි 125වන සංවත්සරය 17වන දා!

ජාතික නායක ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගේ 162වන ජන්ම දිනය සහ ඔහු ගේ දැක්මෙන් බිහිවූ කොළඹ මහබෝධි විද්‍යාලයේ 125වන සංවත්සරය සැමරීමේ මහෝත්සවය ලබන සැප්තැම්බර් 17වන දා කොළඹ මහබෝධි විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

"අධ්‍යාපනය, විනය සහ සදාචාරය මත ජාතියක් ගොඩනැගිය හැකි ය" යන ධර්මපාල ගේ අදහස මුල්කරගනිමින් මහබෝධි සහෝදරත්වය මෙම උත්සව මාලාව සංවිධානය කර ඇත. අනගාරික ධර්මපාල යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ පුරෝගාමියා ය. අධ්‍යාපනය තුළින් ජාතියක් ගොඩනැගිය යුතු බවත්, තරුණ පරපුර විනයගරුක සහ සදාචාර සම්පන්න පුරවැසියන් බවට පත්කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේ ය.

ඔහු ගේ අරමුණු මුල්කරගනිමින් 1902 වසරේ ආරම්භ කළ මහබෝධි විද්‍යාලය අද වන විට වසර 125ක් සපුරයි. "පිරිමි ළමුන් ජාතියේ කොඳු නාරටිය" යන අනගාරික ධර්මපාල ගේ දර්ශනය අනුව මහබෝධිය රටට නායකයන් රැසක් දායා ද කර ඇත.

ජන්ම දින සැමරුමට සමගාමීව මහජනතාවට ප්‍රතිලාභ ලබාදෙන සමාජ සත්කාර වැඩසටහන් කිහිපයක් ම ක්‍රියාත්මක කෙරේ.

උදෑසන පිරිත්‍රාණ ධර්ම දේශනයකින් අනතුරුව සිය ගණනක් භික්ෂූන් වහන්සේලා සහ පාසල් දරුවන් 400 දෙනකුට දහවල් දානමය පිංකම සිදු කෙරේ. එමෙන් ම පාසල් ළමුන්ගේ පෝෂණය වෙනුවෙන් පාසල් උදෑසන ආහාර මලු ද බෙදාදීමට කටයුතු යොදා ඇත. විශේෂයෙන් ගැබිනි මාතාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ඔවුන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රදානයක් ද මෙහිදී සිදු කිරීමට නියමිත ය. දිනපතා පෝෂණය පිළිබඳ ගැටලු ඇති ගැබිනි මව්වරුන් සවිබල ගැන්වීම මෙහි අරමුණයි.අතිරේකව නොමිලේ වෛද්‍ය සායනයක්, දන්ත සායනයක්, අක්ෂි සායනයක් සහ කණ්ණාඩි බෙදාදීමක් ද පැවැත්වේ. පාසල් ළමුන් සඳහා අධ්‍යාපන උපකරණ, පොත් සහ ලිපිද්‍රව්‍ය බෙදාදීමක් ද සිදු කෙරේ.

අධ්‍යාපනයේ සහ සමාජ සේවයේ අසමසම මෙහෙයක් ඉටුකළ අනගාරික ධර්මපාල ගේ දැක්ම අදටත් රටට මඟ පෙන්වන බව මහබෝධි සහෝදරත්වය පවසයි.

-ජේ,මුණසිංහ-

 

WhatsApp Image 2026 09 14 at 12.13.09 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න