2012 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 17 වන දින කැඳවීමට අද කොළඹ මහාධිකරණය දින නියම කළේය.
මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ ය. එහි දී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකළේ ය. ඉන් අනතුරුව විත්තිය නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න විමසීමද සිදු කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
