Image

මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් රු. 100/-ට අලෙවි කළාට රුපියල් ලක්ෂ පහක් (රු. 500,000/-) දඩ

මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් රු. 100/-ට අලෙවි කළාට රුපියල් ලක්ෂ පහක් (රු. 500,000/-) දඩ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් හෝමාගම, ගලවිලවත්ත පිහිටි Bethmil Restaurant (පුද්ගලික) සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.

2025.12.11 දින සිදුකළ වැටලීමේ දී, එවකට වලංගුව පැවති අංක 2430/15 දරන ගැසට් නිවේදනයේ විධාන අංක 93 ප්‍රකාරව මිලිලීටර් 500 දේශීයව බෝතල් කළ පානීය ජල බෝතලයක් සඳහා නියමිත උපරිම සිල්ලර මිල රු. 70/-ක්ව තිබිය දී, එම ජල බෝතලයක් රු. 100/-කට අලෙවි කර ඇති බව අනාවරණය විය. 2026 සැප්තැම්බර් 10 දින මෙම නඩුව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී, චෝදනාවට වරද පිළිගත් විත්තිකාර සමාගමට ගරු අධිකරණය විසින් රු. 500,000/-ක (රුපියල් ලක්ෂ පහක) දඩයක් නියම කරන ලදී.

පාරිභෝගික සහ වෙළෙඳ ප්‍රජාවගේ විශේෂ අවධානයට

මෙම වැටලීම 2025 දෙසැම්බර් මාසයේ එවකට බලපැවැත්වූ උපරිම සිල්ලර මිල අනුව සිදු කරන ලද්දකි. 2026 ජූනි 10 දිනැති අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ විධාන අංක 96 ප්‍රකාරව, මේ වන විට දේශීයව බෝතල් කළ පානීය ජලය (PET) සඳහා බලපැවැත්වෙන උපරිම සිල්ලර මිල ගණන් මෙසේ ය:

* මිලිලීටර් 500 – 999 ml දක්වා: රු. 80.00

* ලීටර් 1 – 1.499 L දක්වා: රු. 120.00

* ලීටර් 1.5 – 1.999 L දක්වා: රු. 150.00

* ලීටර් 2 – 2.499 L දක්වා: රු. 180.00

* ලීටර් 5 – 6.999 L දක්වා: රු. 400.00

නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා ජල බෝතල් හෝ වෙනත් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාව තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න