Image

කල් ඉකුත් වූ ක්‍රීම්, මිල සඳහන් නොකළ සුවඳ විලවුන් සහ අවශ්‍ය තොරතුරු රහිත ආලේපන අලෙවි කළැයි රුපියල් ලක්ෂ 3ක දඩයක්

කල් ඉකුත් වූ ක්‍රීම්, මිල සඳහන් නොකළ සුවඳ විලවුන් සහ අවශ්‍ය තොරතුරු රහිත ආලේපන අලෙවි කළැයි රුපියල් ලක්ෂ 3ක දඩයක්

පාරිභෝගික ආරක්ෂණ නීති හා විධාන උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ රූපලාවණ්‍ය ආලේපන, උපරිම සිල්ලර මිල සඳහන් නොකළ සුවඳ විලවුන් සහ ආනයනකරු/බෙදාහරින්නා පිළිබඳ අවශ්‍ය තොරතුරු රහිත ශරීර ආලේපන අලෙවි කිරීම සදහා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් කොළඹ 08, බොරැල්ල, බේස්ලයින් පාරේ පිහිටි The Fashion Store International (Pvt) Ltd ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ චෝදනා 03ක් යටතේ නඩු පවරන ලදී.

2026.08.18 දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමේදී පහත කරුණු අනාවරණය විය.

1️. උපරිම සිල්ලර මිල සඳහන් නොකිරීම – විධාන අංක 85 උල්ලංඝනය කරමින්, උපරිම සිල්ලර මිල සඳහන් නොකළ සුවඳ විලවුන් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබීම.

2️. කල් ඉකුත් වූ ආලේපන අලෙවියට තැබීම – විධාන අංක 52 උල්ලංඝනය කරමින්, 2026/02 මාසයෙන් කල් ඉකුත් වූ ක්‍රීම් අනෙකුත් භාණ්ඩ සමඟ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබීම.

3️. අවශ්‍ය තොරතුරු රහිත ශරීර ආලේපන අලෙවියට තැබීම – විධාන අංක 85 උල්ලංඝනය කරමින්, ආනයනකරුගේ/බෙදාහරින්නාගේ දුරකථන අංක හෝ වෙබ් අඩවි තොරතුරු නොමැති Body Milk ක්‍රීම් අලෙවිය සඳහා තබා තිබීම.

අධිකරණය හමුවේ එල්ල වූ චෝදනාවලට විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව, ගරු අධිකරණය විසින් රු. 300,000ක දඩ මුදලක් නියම කරන ලදී.

පාරිභෝගික ඔබ සැලකිලිමත් වන්න! විලවුන් සහ රූපලාවණ්‍ය ආලේපන මිලදී ගැනීමේදී උපරිම සිල්ලර මිල, කල් ඉකුත්වීමේ දිනය සහ ආනයනකරු/බෙදාහරින්නාගේ නිල තොරතුරු ලේබලයේ පැහැදිලිව සඳහන්ව ඇත්දැයි පරීක්ෂා කරන්න.

මෙවැනි අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාව තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න